වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් Clean Sri Lanka වැඩ සටහනට සමගාමීව '' සොඳුරු නිවසක් - විකසිත පවුලක් " පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය එළඹෙන 06 වැනි ඉරිදා දින කහවත්ත ඕපාත වත්තෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත .
දැකුම්කළු දිවයිනක් සොම්නසින් පිරි ජනතාවක් බිහි කිරීම සඳහා වන Clean Sri Lanka ජාතික වැඩ සටහනට සමගාමීව මෙරට මලයගම් ප්‍රජාව නඟා සිටුවීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය එහි පාර්ශවකරුවන් සමග එක්ව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.
ආසන්න වශයෙන් මිලියනයක් පමණ වන මෙරට මලයගම් ජනතාව වැවිලි ක්ෂේත්‍රයට සහ ජාතික ආර්ථිකයට සුවිශාල මෙහෙවරක් සිදු කර ඇතත් එම ජනතාවට ලැබිය යුතු මූලික අයිතිවාසිකම්වත් ලබා දීමට රටක් වශයෙන් අසමත්ව තිබීම ශෝචනීය තත්වයකි.
වැවිලි ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට මෙන්ම මෙරට වැවිලි කර්මාන්තය වෙනුවෙන් දහඩිය කඳුළු වගුරුවන මලයගම් ජනතාවගේ ජිවිත සුරක්ෂිත කිරීම සැපවත් කිරීම අනිවාර්යයෙන් කල යුතුමය.
මෙම පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය යටතේ
- නිවාස පේලි පිරිසිදු කර තීන්තආලේප කර පිළිසකර කිරීම,
- බිත්ති හා ගෙබිම පිළිසකර කිරීම,
- දිරා ගිය සෙවිලි තහඩු ඉවත් කර අලුතින් සෙවිලි තහඩු යෙදීම හෝ සම්පූර්ණයෙන් වහලය සකස් කිරීම,
- ශ්‍රමදාන මගින් වට පිටාව පවිත්‍ර කර පිරිසිදු කිරීම,
- ජලාපවාහන පද්ධති ක්‍රමවත් කිරීම,
- තැපැල් දෙපාර්තමේන්තුවේ සහයෝගීත්වයෙන් එක් එක් නිවෙස් සඳහා අනන්‍ය ලිපිනයන් සහිත තැපැල් පෙට්ටි ලබාදීම,
- තැපැල් බෙදන නිලධාරීන් මගින් එක් එක් නිවස වෙත ලිපි ලැබීම තහවුරු කිරීම,
- උප්පැන්න විවාහ සහතික නොමැති අය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ රෙජිස්ට්‍රාර් නිලධාරීන්ගේ සහයෝගයෙන් එම උප්පැන්න සහ විවාහ සහතික ලබා දීමට අවශ්‍ය පහසුකම් සපයා දීම,
- මලයගම් ප්‍රජාවගේ ආකල්ප සංවර්ධනය හා අධ්‍යාපන මට්ටම ඉහල නැංවීම තුලින් චයාත්මක වෙනසක් ඇති කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් විවිධ ආකෘති ඔස්සේ ක්‍රියාත්මක කිරීම යන වැඩ සටහන්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මේ යටතේ වැවිලි ක්ෂේත්‍රයේ නිවාස පේලි 75 ක් තෝරාගෙන ඇති අතර එම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙම කහවත්ත ඕපාත වත්තේ පේලි නිවාස තෝරාගෙන ඇත.
නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර,මාතර, කළුතර, ගාල්ල, කෑගල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇති නිවාස පේලි 75ක ප්‍රතිලාභීන් විශාල ප්‍රමාණයකට මේ තුලින් ප්‍රතිලාභ අත්වෙනු ඇත.