සෑම වසරකම ජුනි 26 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය විරෝධී දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් සංවිධාන කර ඇත.
එම වැඩ සටහන් අතරින් 2025 ජුනි මස 30 වන දින කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අදාලව මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් ද ජුලි මස 02 දින කලුතර දිස්ත්‍රික් පාගමනද ජුලි මස 03 වන දින රත්නපුර දිස්ත්‍රික් පාගමනද පවත්වන ලදී. එමෙන්ම ජුලි මස 07 වන දින කුරුණෑගල දිස්ත්‍රික් පාගමන පැවැත්වීමට ද කටයුතු සංවිධාන කර තිබේ.
එම පාගමන් වලට අමතරව දීප ව්‍යාප්තව දිවයිනේ පාසල් කේන්ද්‍ර කර ගනිිමින් මත්ද්‍රව්‍ය නිවාරණය හා මත්ද්‍රව්‍ය භාවිතයේ දුර්විපාක පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් ද සංවිධාන කර ඇත.
මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව සමාජ මතයක් ගොඩ නැගීම හා මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබද සමාජය දැනුම්වත් කිරීම මගින් මත්ද්‍රව්‍ය භාවිත කිරීම අධෛර්යමත් කිරීම මෙකී වැඩසටහන් වල අරමුණයි. ශ්‍රී ලංකා පොලීසිය විසින් මේ වන විට දෛනිකව සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම් මගින් මත්ද්‍රව්‍ය මෙරටට ලැබෙන සැපයුම් ජාලය අඩාල කරනවා හා සමාන වේගයකින් මත්ද්‍රව්‍ය පිළිබද ඉල්ලුම අවම කිරීම මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන්වල අරමුණවේ.
මෙම වසර තුළදී දීපව්‍යාප්ත මට්ටමින් පාසල් පාදකව මෙන්ම ප්‍රජා පාදක කරගනිමින් මත්ද්‍රව්‍යවලට එරෙහි දැනුම්වත් කිරීමේ වැඩසටහන් 6000කට අධික ප්‍රමාණයක් ද සැලසුම් කර ඇත.