Tuesday, January 13, 2026
Follow Us
Poems
වෙරළ සිඹ සිඹ රැලල කිව්වත්
මොනතරම් ආදර කතා...

Poems

නුඹ දන්නෙ නැති තරම්

Poems

මගහැරිච්ච තැන් බොහොමයි යන්නට සිටි විට

මගහැරිච්ච අය බොහොමයි බලන්න යන්නට

Poems

ජීවන ගමන ගෙවනවා කියන්නෙත් හරි අමුතුම දෙයකි දැන් මට??

Poems

ජිවිතය කියන්නෙ අමුතුම නවා තැනක්

Poems

හීන අහුලන දෑස් පෙති මත

     තියාගෙන ඔය පපු කැනැත්ත...

Poems

සඳ පහසක් සේ දැනුනා

Poems

ඔයා දිහා හොරෙන් බලන් ඉන්න වේලාවට

Poems

හිරි පොද වැස්සට තෙමෙන මලක හැඩ 

බලන්න ඉස්සර වගෙ මට නැහැ ඉඩ 

පොඩි පුතු හිනැහෙන විට මගෙ හිත උඩ 

මල් මොකටද මට හිතෙනව විඩ විඩ 

වැස්සට ඉහිරෙන අඹ මල් මැද්දේ 

පිල ළඟ අඹ ගහ තාලෙට පැද්දේ 

බට්ටිච්චෝ උඹ නැතුවට සද්දේ 

අඩුවක් නැහැ අපෙ ගේ හරි සද්දේ 

ඇහැරෙන ලා හිරු රන් වන් පාටයි 

ඉගිලෙන විට කොක් තටු සුදු පාටයි 

හබරණ ආතගෙ කට රතු පාටයි 

කියවන විට පුතු හරි දඟ පාටයි  

බින්කුන්ඩෝ උඹ ටිකකට හිටපන් 

අපට පෙනෙන්නට වටයක් නටපන් 

කුහූ කියා කොවුලෝ ගී කියපන් 

මදිනම් තව මල් වැස්සක් වැහැපන් 

කොඳ මල මුදුනේ මී මැසි සාදෙට 

රොන් කෙමියේ පැණි පිරෙන කලාවට 

මගෙ හිත පුරවන ටිකිරි හිනාවට 

පණ දෙමි මම දිවි තියෙන තුරාවට

© Kalani Ruwanpathirana

Poems

හිතේ ඇති කදුලු බිඳු
නෑඹිලියෙ දියකරන්
ඔබ පිසූ රසමසලු
මගෙ උගුරෙ හිරකරන්
මගේ මුලු හිත්පතම
දෙඇස තුල බොඳකරන්
සොයමි මම අම්මෙ නුඹ
ආදරේ ගුලිකරන්

ඔබෙ හිනාවත් එක්ක
ගුලිවෙන්න පොරබැඳන්
මගේ හිත්මල් යායෙ
මල් පිපේ ඇතිතරන්
පෙර පිනෙන් මං ලැබූ
දේවතා ඇස් අරන්

හැමදාම මං ළඟින්

ඉන්න දෙවියෙක් වෙයන්

 

සඳමාලි රොද්‍රිගෝ - ඇමෙරිකාව

Poems

අයිතිය ප්‍රේමයක්

කරගත් මිනිසුන්ද,

ප්‍රේමය

අයිති කරගත් මිනිසුන්ද,

අයිතියට පමණක්

ප්‍රේම කරන මිනිසුන්ද,

ප්‍රේමයට පමණක්

අයිතිය කියන මිනිසුන්ද,

ප්‍රේමයක් නැතිවම

අයිතිය කියන මිනිසුන්ද,

අතර

මම

නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි...!

 

මල්ෂා නිශාන්තිනි

Poems

මේ ජීවිතය දැල්වෙන මැටි පහනක්            ය

තෙල් ඇති තුරා ඇවිලෙන එක තිරයක්        ය

පින් මදි වෙද්දි එන මරණය සුළඟක්           ය

පව් පළ දෙන්න යන්නේ එක ක්‍ෂණයක්       ය

 

සසරේ නවාතැන් නම් සිය දහක්                ඇත

ටික කාලෙකට හමු වෙන සගයිනුත්          වෙත

එනමුත් ගමන යන්නේ තනිවමයි                පුත

"මම" යැයි "මගේ" යැයි මට කිසි දෙයක්    නැත

 

නිවි නිවි යළිත් දැල්වෙන ජීවිත                පහන

වැටි වැටි යන්ට දඟලන සසරේ               ගමන

අර ගෙන යන්න ඇත්තේ කළ පින           පමණ

යළි නොහැරෙන්ට යා යුතු ගමනකි        "නිවන"

© Kalani Ruwanpathirana

Poems
වියරු රුහිරු කාහල නද කළ නින්දා ...
සතුරු මිතුරු රන්වැට සින්නෙට බැන්දා ...
මදුරු පිදුරු යුගයට නිදහස කැන්දා ...
ගොදුරු වසුරු අසරණයින් ඉකිබින්දා ...
 
හෙනහුරු දසාව ම දුප්පත්කමට ලැදී ...
පෙරහුරු මරණයට හුස්මත් හිටිව් නොදී ...
අමයුරු සිහිනයක රමණය හිතට දිදී ...
බියකරු මරණයක කදුළක් සතුට යදී ...
 
සමිත්‍රි වල්පොළ 
Poems

ජීවිතේ තමන්ව ලස්සන තියන කෙනෙක්

Poems

අතීතේ ඉස්සරම දවසක මතක අහුලා හදවතේ

එකින් එක පිළිවෙලට අහුරා නිධන් කර තැබුවෙමි හිතේ

එදා වගෙ ලස්සනම හවසක, අදත් ඉපැරණි මාවතේ

මඳක් නැවතී ගිමන් හැරියෙමි මතක ලිහමින් ජීවිතේ

 

අපේ දුක සැප අසා සිටි, පටු මගේ අන්තිම බංකුවේ

ඉඳන් ඔබ හා තාලෙ ඇල්ලුවෙ නුඹේ ආසම සින්දුවේ

දෑත් පටලා ගියා මතකයි ඈත පෙනෙනා වංගුවේ

එදා අන්තිම පැයේවත් නෑ පුරුදු සිනහව හැංගුවේ

 

අඳුරු නුබ ගැබ දකින විට මට නුඹේ තරු ඇස් සිහි වුණා

විදුලි එළි වැට නිවෙන තරමට එදා ඔය ඇස් ඇවිලුණා

මගේ හදවත නැවත නැවතම කිනිසි තුඩකින් පෑරුණා

මතක මිටියම මටත් නොදැනිම සරත් සුළගට මුසු වුණා

@Kalani Ruwanpathirana

Poems
රන් තලියක් නොවුණි සඟවා තබන්නට ...
සින්නක්කර නොවුණි උගසට තබන්නට ..
රන් කෙවිටක් නොවුණි උරගා බලන්නට ...
පින් පඩියට හැඬුණි කැඳ රත් කරන්නට ...
කයියක , අත්තමක , අඳයක ඉඩක් නැත ...
හයියක හක්තියක මට සැකයකුත් ඇත ...
තොයිලෙක , දානයක ගුණයක් තිබුණු අත ...
පයිසෙක මතකයක දරුවන්ට වත් නැත ...
කෙඳිරිලි බෙහෙත් ගඳ
තිබුනට පැල අස්සේ ...
මට නැහැ නින්දකුත්
නැතිනම් නුඹ කැස්සේ ...
තෙමුනත් වහල
ලෙඩ අරගෙන නොව වැස්සේ ...
පුළුවන් කමට නොව
වෙළදාමට බැස්සේ ...
බඩගිනි හැකි වුණත් දෙදොහක් උහුලන්ට ...
හිත ගිනි දැවෙයි දරු මුනුපුරු දැකගන්නට ...
ජීවිත දිය කළත් දරු රජ කරවන්ට ...
අමතක වෙලා ඇති ගම එන මග උන්ට ...
 
... මහලු විය ...
Srimanthi walpola 
Poems

මණ්දාකිණි තරු මැද්දෙ

Poems

හේතුකව හටගන්නා ප්‍රේමය