Tuesday, January 13, 2026
Follow Us
අසරණයි
මිනිස්සු හරි අසරණයි 
හමුවෙන්නත් බැරි හමුනොවී ඉන්නත් බැරි මිනිස්සු ළඟ
මිනිස්සු හරි අසරණයි 
කියන්නත් බැරි නොකියා ඉන්නත් බැරි වචන ළඟ
මිනිස්සු හරි අසරණයි 
අතාරින්නත් බැරි ළඟ රැඳෙන්නත් බැරි බැඳීම් ළඟ
මිනිස්සු හරි අසරණයි 
මතක් කරන්නත් බැරි අමතක කරන්නත් බැරි මතක ළඟ
මිනිස්සු හරි අසරණයි 
දකින්නත් බැරි නොදැක ඉන්නත් බැරි හීන ළඟ
මිනිස්සු හරි අසරණයි 
ළං වෙන්නත් බැරි ඈත් වෙන්නත් බැරි හිත් ළඟ
මිනිස්සු හරි අසරණයි 
දැනෙන්නෙත් නැති නොදැනෙන්නෙත් නැති හැගීම් ළඟ
මිනිස්සු හරි අසරණයි 
හිමිත් නැති අහිමිත් නැති ප්රේමය ළඟ
SM