Poems
-
Details
-
නෙතු මානෙ මගෙ ඉතින් නැතුවට
ඇස් අස්සෙ හරි ආදරෙන් ____
නිදන් කෙරුවා නුඹේ රූපය
සදහටම බැදි ප්රේමයෙන් ______
පා නොවී සුළගේ ඉතින් ____
හිදින්නම් නුඹ නමින් කැපවී
හුස්ම යනතෙක් ලය දොරින් ____
නකුල මාතා නකුල පිතා
වගේ අපි හරි ආදරෙන් _____
සසර ඉමතෙක් ඇවිදගෙන යමු
බැදී නොවෙනස් පෙම් හුයෙන්
-sara sada
Poems
-
Details
-
වෙලා ගේ දොර අඩිය තිබ්බා
සිනා යායක් පිපිලා වාගේ
ගෙදර සිරියා කමින් පිරුණා.............
සිවිවසක් මේ ගෙදර ඉදගෙන
නේක දුක් නුඹ දරා ගත්තා
ලේලියක් නොව දුවෙක් වාගෙයි
දෙවියන් ට වැරදිලා හිතුනා.................
දුවේ පපුවේ ඇවිලෙනවා ගිණි
වහන් කරගෙන මමත් හිටියා
පුතා ටික ටික වෙනස් වෙන හැටි
උඹ නොවෙයි මේ මාත් දැක්කා................
දෙන්නා අතරේ තියන ප්රශ්න ය
විසදේවි මම එහෙම හිතුවා
වදගෑණි දුවණියට කිව්වම
කදුළු මගෙ ඇස් වලින් පැන්නා...............
දරාගෙන මම තවත් හිටියට
පුතා කළ කී දේ ද දුටුවා
හංදියේ සුමනගේ කෙලීටත්
මගෙ එක්කාගෙන් ළමෙක් හිටියා...............
හැමදාම වගෙ හැංගි හොරහා
යනවා මේ මගෙ ඇසින් දැක්කා
උඹට නොපෙනුන හුගක් දවසට
අප්පා එක්කත් කියා ඇඬුවා....................
දවස් යද්දිම උඹට මේ ගැන
තේරුණා මම හොදට දැක්කා
දෑස් අඟකින් කදුළු ගලනවා
පිස පිසම උඹ සිනාසූවා.....................
අම්මා අප්පා නුඹේ නැති බව
එදා නුඹ කිය කියා ඇඬුවා
මතකයිද මම අම්මා වෙනවා
දිවුර දිවුරා උඹට කිව්වා....................
හැංගි හැංගී ගලන කදුළට
දරුසෙනෙහෙ හැංගිලද හිතුනා
තුරුළු කරගෙන උඹව පපුවට
ඉතින් මම අද නුඹෙ කදුළු පිස්සා................
ටික දොහක් පුතු නේනවා දැක
උඹේ දුක මම ඉතින් ගත්තා
දියණියේ මේ හිතම අහපන්
අම්මා හිත නිදහස් කෙරෙව්වා.................
මගේ පුතු ඌ දීග කනවා
වෙනත් ගෙදරක බින්න බැහැලා
ඔහුව අපි හිතින් අතහැර
දියණි නුඹ අපෙ හදට ගත්තා.............
පියෙවෙනා තුරු දෙනෙත් අපගේ
මව්පියන් අපි නුඹව රකිනවා
ඔහු නොවෙයි නුඹ තමයි දියණිය අපෙ
භවෙන් භවයට නුඹ ව පැතුවා....................
Poems
-
Details
-
ඉර හඳ පවා නොපෙනෙන මහ පවුරු මැද
සීතල , අඳුරු , දුක්බර කුටියකට වැද
මේ දඬුවමයි මා කල වරදකට ලද
සිපිරි ගෙදර අම්මේ මම වෙසෙමි අද
Read more
Poems
-
Details
-
බනින්නට දැන් වාරු නෑ බන් - පියන් සතරක කාමරේ
ගෙදර බර මගෙ කරෙන් ගිලිහී - මතට වැටුනද පුතෙ උබේ
වැදූ ගෙයි මුල් පදයෙනුයි මගෙ - නැවතුනේ හද අද නොවේ.
උබේ උරහිස ගනකමයි දැන් - ඒක දැනුනේ යන වෙලේ.
මිහිමවගෙ බහට කීකරුයි මං - ඉතින් යවපන් අඩහැරේ.
දැවෙන චිතකයෙ රස්නෙ මදිවට - උබේ ඇස් අද දියවෙතේ.
නොයන ගමනට ඇරලවන්නට - වරෙන් පුතෙ උබ පන මගේ.
අවසරයි දැන් තනිව යන්නට - රැකගනිම් මගෙ ආදරේ.
අම්මගෙ ආදරේ විනිවිද දැක්ක අපිට.
තාත්තගෙ ආදරේ දැක්කෙ අපි කොන්දගෙ රුපියල වගේ..
>> කොන්දගෙ රුපියලත් තියනව කියල දන්නවා,
අපිට ඒක අයිති කියලත් දන්නවා.
ලැබෙන්න ඕනෙ කියලත් දන්නවා,
ඒත් ඒක හැමදාම කොන්ද පරිස්සමට එයා ළඟ තියාගත්ත..
මතක තියාගන්න "සාජහන් ටච්මහල හැදුවට, මුන්ටාස් ඒක දැක්කෙ නෑ.!!
*පේන කාලෙ දැනෙන කාලෙ එකපාරක් හරි තාත්තට ආදරේ කියන්න.
Poems
-
Details
-
අකුලට වෙලා
සිත සක්මන් කරන රඟේ...
කුකුලට ඉතින්
කොයි කොටුවත් උගෙම වගේ...
Read more
Poems
-
Details
-
නිසොල්මන් වී ඉන්නවා අද
ඇස් පියා ගුවනම බලන්
වාවන්නේ නෑ හිත මගේ දැන්
බලන් ඉන්නට බෑ දරන්
Read more
Poems
-
Details
-
බ්ලොක් කළත් මා කුමක් කරම්ද
ඔබට අවැසිම දෙයම නොම වේද
Read more
Poems
-
Details
-
ඇස් අඳුරේ අතගාන...
ගස්සා බලයි
රස්සා කරන්නට බෑ
Read more
Poems
-
Details
-
රෑ කරුවලේ පරිසරයම නිදිගත් නිස්කලංක
සුන්දර වෙලාවක...
බාහිර ලෝකයේ කිසිම චංචල රළු අරමුණක්
නැති වෙලාවක....
Read more
Poems
-
Details
-
තිබිය නොහැකිද ප්රේමයක්
අතින්වත් නොඅල්ලාම
හිත් වලින් විතරක් බැදුණු...
Poems
-
Details
-
දාව මුසාවට
ඉපදෙන සිත් අමුණා ...
පාව සිහින වැස්සක
කවුරුත් තෙමුණා ...
භාව රූප මතුවන
මාව උල තියා
ලෝකය සංසිඳුනා...
සාර සොබාවෙන්
සංසාරය තොල ගා...
මාර සෙනඟ හා
ගැලපී දුක උරගා...
වීර විලාසෙන්
ගෙන අසිපත අතගා...
ඝෝර මොහඳුරේ
තරඟෙක මේ තුරඟා...
නෙත් සයුරේ බහා
රූසිරි හැඩැති අඳුන්...
අත් කර ගන්න මතකය
පියඹාවි යොදුන්...
පත් වන සුවඳ
රිදවා පාරද්දි සඳුන්...
මත් වන හීනයයි
ජීවිත නමැති බඳුන් ...
පිහින නෙළුම් මල්
පිබිදිය හැකි විලකි...
පහන නිවන්නද
මත් නෙත් රඟහලකි...
දැහැන දෙතොල්
කියවන්නට පොත් ගුලකි...
සිහින දකින්නට
මේ කය පෙලහරකි...
රැහැන් මුදා
රැහැනට ලොබ සල්පිලකි...
දැහැන් මුදා
මිහිරට ගැයු කවි පෙලකි...
සහන් එළි කුමට
අළු යට ගිණි හුලකි...
සිහින් කෙඳිරියක
සැඟවුණු අත්සනකි...
Poems
-
Details
-
අගුළු ලෑ පෙට්ටියේ
නුඹ නමින් බැදුණු මතක
අගුළු නෑරම ඉන්න
සපත කළෙ මා මටම
Read more