Friday, January 09, 2026
Follow Us
රැජින නුඹයි අම්මා
බත් කට කට කවා මා උස් මහත්     කල
ලේ ටික කිරට හරවා පෝශණය      කල
උදේ රැයින් ඉස්කොලේට පිටත්      කල
පින් කද නුඔයි ! මා සක්විති රජෙකු කල
 
සරසවියට තේරැණ බව දැනගත්  දා
සතුටු කදුලු දුටුවෙමී දෑසින් උනනා
ජිවිතයේ කටුකම අවදිය ගෙවුනා
කලූ ලෝගුවෙන් අද මගේ දෙවූරත් වැසුනා
 
ආඩම්බරද අම්මේ ලොකු පුතා ගැන
කිරැලූ පැළදුවෙමී සක්විති රජෙකු ලෙස
ජිවිතයේ දූක් කදුලැලි නිමා කොට
රැජින නුඔයි අම්මේ මා රජෙකු කළ
 

-H.ishini wathsala Dharmadasa