Tuesday, August 18, 2026
Follow Us
අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට දීමනාවක්
2026 වර්ෂය සඳහා වන අයවැය මඟින් විශේෂ අධ්යාපන අවශ්යතා සහිත සිසුන් සඳහා එක් සිසුවෙකුට රුපියල් 5,000/-ක මාසික දීමනාවක් ලබා දීම පිණිස යෝජනා කරනු ලැබ ඇත.

 

එම දීමනාව ලබා දීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීම පිණිස දිවයිනේ සියලුම පාසල්වල අධ්යාපනය ලබන අඩු ආදායම්ලාභී විශේෂ අධ්යාපන අවශ්යතා සහිත සිසුන්ගෙන් අයදුම්පත් කැඳවා ඇති අතර, අයදුම්කරුවන් 5,530ක් සුදුසුකම් ලබා තිබේ.
 
ඒ අනුව, එම සිසුන් සියලු දෙනා වෙත අදාළ මාසික දීමනාව ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.