අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන අංශයට අයත් විද්‍යා ශාඛාව හා ගණිත ශාඛාව මගින් වාර්ෂිකව අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගය සඳහා සිසුන් සහභාගී කරවන අතර, 2025 තරගය මැලේසියාවේ කෙදා හිදී 2025.10.05 සිට 2025.10.09 දින දක්වා පැවැත්වීනි.
පාසල් , කලාප හා පළාත් මට්ටමේ තරග පවත්වා පළාත් තරගයෙන් ජයග්‍රහණය කළ සිසුන්ට, පවත්වන ලද ජාතික තරගයේ ඉහළම ලකුණු ලබාගත් සිසුන් මේ සඳහා තෝරාගනු ලැබේ. එසේ තෝරාගත් සිසුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමෙන් පසු විද්‍යා අංශයෙන් සිසුන් 12 ක් හා ගණිත අංශයෙන් සිසුන් 12 ක් අන්තර්ජාතික තරගාවලියට සහභාගී විය. එහිදි විද්‍යා අංශය නියෝජනය කරමින් සහභාගී වූ සිසුන් දොළොස් දෙනාගෙන්,
හිමෙත් කෙම්සර අබේසිංහ කොළඹ රාජකීය විද්‍යාලය, ඩී.එම්.එම්.කවිත්ම කොළඹ ආනන්ද විද්‍යාලය, එස්.ඩබ්.සවිතෘ සදමිත් සමරවික්‍රම මාතර රාහුල විද්‍යාලය, එන්.බී.තෙනුක් වින්සිත බදුල්ල මධ්‍ය විද්‍යාලය යන සිසුන් විසින් රිදී පදක්කම් 04 ක් හිමිකරගත් අතර, සහභාගී වූ අනෙක් සිසුන් 8 දෙනාම ලෝකඩ පදක්කම් හිමිකරගෙන ඇත.
ගණිත අංශය නියෝජනය කරමින් සහභාගී වූ සිසුන් දොළොස් දෙනාගෙන් සිසුන් හත් දෙනෙකු ලෝකඩ පදක්කම් හිමිකරගෙන ඇත.
එමෙන්ම මෙම තරගාවලියේ පැවති STEM කණ්ඩායම් තරගයෙන් සහභාගී වූ සියළුම රටවල් අතරින් හතරවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමට හැකිවිය.
අන්තර්ජාතික තරගයකින් මෙලෙස පදක්කම් රැසක් දිනාගැනීමට හැකිවීම ශ්‍රී ලංකාව ලබාගත් සුවිශාල ජයග්‍රහණයකි.