Wednesday, June 17, 2026
Follow Us
තාරකා විද්‍යා පාඨමාලාවන් සාර්ථකව හැදෑරු සිසුන් අගයමින් සහතික පත්‍ර පිරිනැමේ
විද්යා සහ තාක්ෂණ අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ශ්රී ලංකා ග්රහලෝකාගාරය විසින් 2024 සහ 2025 යන වර්ෂවල පවත්වන ලද තාරකා විද්යා පාඨමාලාවන් සාර්ථකව හැදෑරු සිසුන් අගයමින් සහතික පත්ර ප්රදානෝත්සවය සහ විශේෂ රාත්රි අහස නිරීක්ෂණ කදවුර විද්යා සහ තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා ශ්රී ලංකා ග්රහලෝකාගාර පරිශ්රයේදී පැවැත්විණි.

 

පාසල් අවධියේ සිටම සිසුන් තුළ අභ්යාවකාශ සහ තාරකා විද්යාව පිළිබඳව උද්දීපනයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් එම විෂයන් පිළිබඳ දැනුම හා අවබෝධය ලබා දීම මෙම තාරකා විද්යා පාඨමාලාවන් තුළින් සිදු කෙරේ.
මෙම අවස්ථාවට විද්යා සහ තාක්ෂණ අමාත්යාංශයේ ලේකම් වයි.එල්.මොහමඩි නවවි මහතා අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා ඇතුළු අමාත්යාංශ නිලධාරීන්, ශ්රී ලංකා ග්රහලෝකාගාරයේ අධ්යක්ෂ (වැ.බ.) කලානි. එම්. ධනසේකර මහත්මිය , සහතිකපත්ලාභී පාසල් සිසුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.