Thursday, February 05, 2026
Follow Us
State

2023 නොවැම්බර් මස 12 දිනට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වල අවශ්‍යතාවය සලකා බලා 2023 නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැනණැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට අද (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි.

State

වසර දහයකට වරක් සිදු කරනු ලබන ජන හා නිවාස සංගණනය අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයෙන් ආරම්භ විය.

State

අතීතයේ මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවති කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

පවතින අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, බෙරගල, හල්දුම්මුල්ල ප්‍රධාන මාර්ගයන්හි සහ අතුරු මාර්ගවල නායයෑම්, පස් කණ්ඩි කඩා  වැටීම්, ගල් පෙරලීම් හා  ගස් කඩා වැටීම් වාර්තා වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ් අනුව එම මාර්ග භාවිතා කරන ජනතාව නිරන්තරයෙන් මාධ්‍ය හා පොලිස් නිවේදන පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, එම ස්ථානයන් නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙසත් මහජනතාවගෙන් එම මධ්‍යස්ථානය ඉල්ලා  සිටි

State

ගොවි ජනතාවගේ සහයෝගයෙන් මේ වන විටත් රට තුළ සහල් අතිරික්තයක් පවත්වාගෙන යාමට හැකි වී තිබෙන බැවින් ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය.

දේශීය කිරි අවශ්‍යතාවයෙන් මෙතෙක් නිෂ්පාදනය කරනු ලැබුවේ 40%ක ප්‍රමාණයක් වුවත් එය දෙගුණයක් කිරීමට අවශ්‍ය පියවර මේ විට ගෙන තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා ‍මෙසේද පැවසීය,

ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය අර්බුදයකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය දායකත්වය රජයක් ලෙස ලබා දී තිබෙනවා. එහි දී වැඩිම අවධානයක් යොමුකර සිටියේ ඉදිරියේ දී ආහාර හිඟයක් ඇති වීම වළක්වා ගැනීම සඳහායි. එහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා හා ගොවි ජනතාවගේ සහයෝගයෙන් සහල් අතිරික්තයක් නිෂ්පාදනය කිරීමට අප සමත්ව තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැහැ.

ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය නියමාකාරව ලබා දීමට සමත් වැඩපිළිවෙළක්ද පශු සම්පත් අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය සමයේ මෙරට දියර කිරි නිෂ්පාදනය වූයේ අවශ්‍ය ප්‍රමාණයෙන් 40%ක් පමණයි. මේ තත්ත්වය සළකා බලා දියර කිරි නිෂ්පාදනය දෙගුණ කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද අප කටයුතු කර තිබෙනවා.

ඒ වගේම තෘණ වගාව වර්ධනය කිරීමට මෙන්ම ගවයන්ගේ ගුණාත්මකභාවය සහ පෝෂණ තත්ත්වය වැඩි කිරීමටත් පියවර ගෙන තිබෙනවා. සතුන්ට අවශ්‍ය ආහාර අඩුවක් නැතිව සැපයීම මඟින් දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීමට හැකියාව පවතිනවා.

ජාතික කිරි අවශ්‍යතාවය පිරිමැසීම සඳහා අනයනික පිටි කිරි මත පැවතීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රම භාවිතා කළ යුතුයි. ජනතාව දියර කිරි භාවිතය සඳහා පෙළඹවීමට අවශ්‍යයි. එහිදී දියර කිරි ලබාගැනීම ජනාතවට පහසු කිරීම සඳහා ජංගම අලෙවි රථ යොදා ගැනීමටත් අවධානය යොමු කර තිබෙනවා. දියර කිරි පැකට් කර අලෙවි කිරීමටත් පියවර ගන්නවා.

වර්තමානය වන විට සත්ව ආහාර ආනයනයට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට සහන ලබාදීමට ද රජය පියවර ගෙන තිබෙනවා.

වැසී තිබෙන සත්ත්ව නිෂ්පාදන කර්මාන්තය නැවත ආරම්භ කිරීමටත් අවධානය යොමු කර තිබෙනවා.

ඒ වගේම කුකුළු කර්මාන්තය ප්‍රවර්ධන සඳහා මව් සතුන් ප්‍රමාණය 85,000 දක්වා වර්ධනය කර තිබෙනවා. ඒ අනුව වැසුණු කුකුළු ගොවිපලවල් නැවත විවෘත කිරීමට අවස්ථාව සැලසී තිබෙනවා.

State
  • ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු නැහැ – සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.

State

Ten newly appointed Ambassadors to Sri Lanka handed over their credentials to President Ranil Wickremesinghe at the President’s House in Kandy, this morning (05)

State
ලබන වසරේ ජූනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බැවින් එම කාලය දක්වා කිසිඳු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පැවසීය.
State

ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2,763ක් පිරවීම සඳහා වන විභාගය, 2023 දෙසැම්බර් මුල් සතියේ පවත්වන බව, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (08) සඳහන් කළේය.

State

රටේ සංවර්ධන කටයුතුවලට අදාළව ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

State

Energy sector expert Ovitigama has been appointed as the Chairman of the Petroleum Development Authority (PDA). 

State

2023 නොවැම්බර් 08,09, සහ 10 දිනවල තැපැල් දෙපාර්තමේන්තු සමස්ත කාර්යය මණ්ඩලයේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල්පති එස්. ආර්. ඩබ්. එන්. ආර්. පී. සත්කුමාර මහතා සඳහන් කරයි.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය 2023 නොවැම්බර් 02 දිනැතිව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර තිබේ.

State

ධීවර කර්මාන්තයටම විශේෂිත වූ ආයෝජන කලාපයක් උතුරු පළාත තුළ ස්ථාපිත කිරීම සඳහා මේ වන විට වැඩ පිළිවෙළක් සකස් කෙරෙමින් පවතින බවත් ඒ හරහා ධීවර කර්මාන්තයට අදාළ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට මෙන්ම විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීමට හැකිවන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

State

2024 පෙබරවාරි 19 වනදා නව වසරේ පළමු පාසල් වාරය ආරම්භ කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.

State

ලියාපදිංචි ඖෂධ පමණක් මෙරටට ගෙන්වන ලෙසත්, ලියාපදිංචි ඖෂධ නොමැති අවස්ථාවල දී එවැනි ඖෂධ පිළිබඳ අවශ්‍ය දත්ත විමසා බලා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමත කරගෙන මිලදී ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 

State

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිදුකරන පැමිණිලි 118 කෙටි දුරකථන අංකය හරහා සිදුකළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.