Tuesday, May 06, 2025
Follow Us
ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදූව, කැලණිය, බියගම, මහර, කඳාන සහ මිනුවන්ගොඩ වන ප්‍රදේශවලට මේ මස 24 වැනිදා පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා ජල සැපයුම අත්හිටුවන බවත් ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.