Wednesday, February 04, 2026
Follow Us
අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ නිවේදනයක්

සියලු‍ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ දී ක්‍රීඩා කුසලතා පදනම් කරගෙන සිසුන් ඇතුළත් කිරීම සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉදිරියේ දී අදාළ චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පමණක් සැලකිල්ලට ගෙන අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇත.