The number of employees who could work at state and private institutions and factories island-wide, should be decided on the recommendation of the health officials, police said yesterday.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සිදු කර ඇති විශේෂ විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ලබන ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව( කෝප් ) වෙත කැදවා තිබේ.
ගම්පහ ප‍්‍රදේශයේ පොලිස් බලප‍්‍රදේශ 18 කට බලපැවැත්වෙන පරිදි කි‍්‍රයාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම හා එම ප‍්‍රදේශවල වෙලඳසැල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයකට එළඹෙන බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
රට තුළ දැනට පවත්නා කොවිඩ් තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරාක්ෂාව තහවුරු කරමින් සැප්තැම්බර් 12 වනදා ආරම්භ කළ අ.පො.ස (උසස් පෙළ) විභාගය මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යා හැකි වූ බවත් මින් ඉදිරියටත් එනම් නොවැම්බර් 06 වනදා තෙක් අ.පො.ස (උසස් පෙළ) විභාගය ඒ අයුරින්ම පවත්වන බවත් අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා අද දින (16) ප්‍රකාශ කර සිටියා.
කල් දමා ඇති පළාත්සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අතිගරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
If there is a serious risk of COVID-19 in any part of the country, the government led by President Gotabaya Rajapaksa will inevitably impose curfew in such areas, Army Commander Shavendra Silva said.
දෘශ්‍යාබාධිත තැනැත්තන්ට සුදු සැරයටිය සුවිශේෂී මෙවලමකි. එය පාදක කරගනිමින් සෑම වසරකම ඔක්තෝම්බර් 15 වන දිනට සමරනු ලබන ජාත්‍යන්තර සුදු සැරයටි ආරක්ෂණ දිනයේදී සමස්ත දෘශ්‍යාබාධිත ජනතාව ඉතා සහෘද සිතින් සිහිපත් කරමි.
Yoshitha Rajapaksa has been appointed as the new Chief of Staff to Prime Minister Mahinda Rajapaksa.
දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත මෙම මස 31 වෙනිදා දක්වා රටේ සියළුම සිනමා ශාලා වසා තබන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස දැනුම් දී සිටිනවා.
ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. දිවයිනේ සියලු ප්‍රදේශවල කෘෂි අස්වනු අතරමැදියන්ගේ සම්බන්ධයක් නැතිව අළෙවිකිරිමේ පහසුව ගොවීන්ටම ඝෘජුව හිමිවන පසුබිම සැකසීමෙන් එය ආරම්භ කළහැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
කොළඹ මහනගර සභවේ නාගරික කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ කොළඹ මහානගර සභාවේ සේවා ලබාගැනීම සඳහා භාරදිය යුතු සියලු අයදුම් පත් මහනගර සභවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි ‘සපිරි පියස‘කවුළුව වෙතින් භාරගැනීමට කටයුතු යොදා ඇති බව යි.
නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් අද දින (15) අත්සන් තබා ඇත.
Cabinet approval has been given to amend the Intellectual Properties Act to protect Sri Lankan exports and their points of origin.
දේශීය ගොවීන්ගෙන් ලොකු ලූණු කිලෝවක් රුපියල් 130 ක මුදලකට මිලදී ගැනීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. පාරිභෝගිකයා මෙන්ම ගොවි ජනතාව ආරක්‍ෂා කිරීම සදහා මෙම තීරණය ගත් බවයි වෙළ`ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.
කොවිඩ් -19 ආසාදිතයින් හමුවීම හේතුවෙන් මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් තවත් ගම්මාන තුනක් හුදකලා කර තිබේ.
Along with the Appropriation Bill for 2021, the government will present a separate Bill to cover the expenses for 2020 including the funds withdrawn from the Consolidated Fund under the authorisation of the President between March and August this year.
Page 438 of 639