Monday, August 10, 2026
Follow Us
State

2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇත. 2024-07-26 දින ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු කිරීම අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

අද දින සිට වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

State

අන්දෝලනයට ලක් වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් නීති ගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

State

2024 ජනාධිපතිවරණය සඳහා අද (05) වන විට 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

State

අගෝස්තු මාසයේ ඉන්ධන මිල ගණන් සංශෝධනය නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

State

වතු පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය රජයෙන් රු. මි. 600 ක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා අදාළ ලේඛනවලට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට  අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

State

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ.

State

මැතිවරණය පැවැත්වීම සඳහා පොලිසියෙන් කිසිදු බාධාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

State

තේ වගාවට පොහොර යෙදීමට රජය තීරණය කර ඇති රුපියල් 2000ක සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අද (29) තීරණය කළේය.

State

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැදවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් (05) අවසන් බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

State

දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

State

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්‍රලේඛය, නිලධාරීන් වෙත යොමු කර තිබේ. 

State

අපවත්වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අවසන් කටයුතු සිදුකෙරෙන සඳුදා(05) දින විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

State

ජනාධිපතිවරණය - 2024 තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීම අගෝස්තු මස 5 වැනි දිනෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දේ.එම නිවේදනය පහත සඳහන් වේ.

State

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අංක: JC 23, පිටරවුම් පාර, වවුනියාව, යන ස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය 2024 අගෝස්තු මස 16 වන සිකුරාදා දින ගාමිණි විදුහල ඉදිරිපිට, මන්නාරම පාර, වවුනියාව යන ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට නියමිත බව ආගමන හා විගමන දෙපාර්තුවේන්තුව සඳහන් කරයි.

State

2024/08/01 දක්වා ඇප තැන්පත් කිරීම පහත පරිදි වේ.

State

CT සහ  X කිරණ රූපකරණ ක්‍රම සඳහා භාවිත කරන Non Ionic Contrast Media මිලදී ගැනීම සඳහා යුනික් ෆාමර්සූටිකල්ස් ලැබෝටරීස් වෙත ප්‍රසම්පාදනය පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක,ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ සංචාරක අමාත්‍යාංශය සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම ‌වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යන ආයතන සමඟ සහයෝගීතාවයෙන් ඓතිහාසික අවබෝධතා ගිවිසුම් (MoU) අත්සන් කිරීම පසුගියදා (23) කොළඹ දී සිදු කෙරිණ.