Tuesday, February 03, 2026
Follow Us
හෙට සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ඩෙංගු අවදානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් හඳුනාගෙන තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

 කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව හෙට (02) සිට එළඹෙන 04 වනදා දක්වා දින 03ක් එම වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්හි විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ .

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36,552ක් වන අතර එයින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.