මේ වනවිට ඉන්ධන ගැටලුවක් නොමැති බවත් ඛනිජ තෙල් සංස්ථාව හඳුන්වා දෙන මිල සූත්‍රයට අනුව ක්‍රියාත්මක විමට තෙල් බෙදුම්කරුවන් එකඟ වූ බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

















