ඇතැම් අධිකරණවල නීති කෘත්‍යයන් හා වාර්තා පවත්වාගෙන යාම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් KPMG ආයතනය විසින් සිදු කළ වෝහාරික විගණනයේ හඳුනාගත් මුලික කරුණු අද (15) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ඉදිරිපත් කරන ලැබුණි.
රජය නියම කර ඇති මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්‍රතිලාභ කිසිදු බලපෑමකින් තොරව හිමිවන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පසුගිය වර්ෂයේ පැවැත්වීමට තිබූ උසස් පෙළ විභාගය සති පහකින් කල් දැමීමට සිදුවීම හේතුවෙන් 2024 ජනවාරි මාසයේ පැවැත්වීමට සිදුවූ බවත්, ඒ අනුව 2024 නව පාසල් වාරය ද පෙබරවාරි මස 19 වන සදුදායින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය හා ලක්සල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන "ලක්සල - ඇල්ල " නව ප්‍රදර්ශනාගාරයට සඳහා මුල්ගල තැබීම ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්ල දුම්රිය ස්ථානයේ දී සිදු කෙරිණි.
2023 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි , 2024 මැයි මස අදාළ විභාගයට පෙනී සිටින ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති, මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුනු ඉල්ලුම්කරුවන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමකින් තොරව ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබා ගැත හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බිබිල, මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ මුලික රෝහල A මුලික ශ්‍රේණියේ රෝහලක් බවට පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල සහ බිබිල සේනක බිබිලේ අනුස්මරණ මුලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් .
බන්ධනාගාරගත රැඳවියන් බන්ධනාගාරයෙන් නිදහස් වු පසු ඔවුන් සමාජයට වඩාත් ඵලදායී පුද්ගලයින් බවට පත් කිරීම අරමුණු කරමින් සියලු බන්ධනාගාර තුළ කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (12) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය.
තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට කැබිනට් අනුමැතිය ඊයේ (5) හිමිවිය.
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Page 29 of 621