Friday, September 25, 2026
Follow Us
State

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි  මහතා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද (05) පෙරවරු 9.00ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙයි.

State

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබේ.

State

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

State

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ වනවිට දිවයිනට පැමිණ තිබේ.

State

සන්නද්ධ හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාට දන්වා තිබේ.

State
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධාන යටතේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත.
State

ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ඇතුළත්වන උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කය තුළ දැනට ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇත.

State

2025 අයවැය මගින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත වැටුප් පරිමාණයට අනුව වැටුප් ගෙවීම සඳහා වන විධිවිධාන ඇතුළත්  චක්‍රලේඛ සහ උපදෙස් නිකුත් කර ඇති බවත්, මේ සඳහා රජය රුපියල් බිලියන 110ක මුදලක් වෙන් කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

State

‘‘ පාසල් පාවහන් ලබා දීම සඳහා වන තිළිණපතෙහි (2025 වර්ෂය) වලංගු කාලය 2025.04.10 දින දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

State

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසයි.

State

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේකය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය අද (25) දිනයේ නිකුත් කර ඇත.

State

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි 06 වැනි දින සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

State

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දී ඇති ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමේ වවුචරපත් වල වලංගු කාලය 2025.03.31 දිනෙන් අවසන් වුවත් එහි වංලගු කාලය 2025.04.30 දින දක්වා කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

State

රජයේ මුද්‍රණාලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු පළාත් පාලන ඡන්ද විමසීම අවසාන වන තෙක් අවලංගු කරනු ලැබ ඇත.

State
  • නුවර - කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම - කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම්

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ  ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ  නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පැවැත්විණි.

State

"සිරි දළදා වන්දනාව" - නිල තේමාව පාඨය සහ නිල ලාංඡන මාර්ගෝපදේශය (ලෝගෝව) පිළිබඳ නිවේදනය කර තිබේ.

State

කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන උතුර කලාපයේ ජල කුලුණු හා බෙදා හැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (2025.03.19) දින පෙ.ව. 8.00 සිට  එදින මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පැය 16 ක කාලයක් කටාන උතුර කලාපයේ පහත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.