Saturday, February 07, 2026
Follow Us
State

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

State

අ.පො.ස. උසස් පෙළ - 2022(2023) විභාගය ලබන 23 සිට පෙබරවාරී 17 දක්වා විභාග මධ්‍යස්ථාන 2200කදී දීප ව්‍යාප්තව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව විභාග දෙපාර්තමේන්තව සඳහන් කරයි.

State

ඇල්ල සංචාරක කලාපයේ ඉදිරි සංවර්ධන කටයුතු උදෙසා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කරමින් පොදු සැලසුමක් යටතේ කටයුතු කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State
 

උමා ඔය ජල විදුලි බලාගාරය එළඹෙන අප්‍රේල් හෝ මැයි මාසය තුළ ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.  

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ උමාඔය ජල විදුලි බලාගාරය මගින් මෙගා වොට් 120 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්‍ෂා කරන බවයි. 

Neth

State

රියදුරු බලපත්‍ර සඳහා ඡායාරූප ලබා ගැනීම මාර්ගගත (online) ක්‍රමවේදය යටතේ සිදු කිරීමට ඡායාරූප ශාලාවලට අවසර ලබාදීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

State

භාණ්ඩාගාරය මේ වනවිට දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බවත් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

State

නව ක්‍රමවේදයක් හරහා ජල බිල්පත් ලබාදීම සහ ගෙවීම සිදුකිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

State
 
• ජනපති උපදෙස් පරිදි දීප ව්යාප්තව ආගමික සහ සංස්කෘතික වැඩසටහන් රැසක්.
රටේ ඉදිරි වසර 25 සඳහා රජයේ නව ප්රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ සමඟ 75 වන ජාතික නිදහස් උළෙල අභිමානවත් අයුරින් සැමරීමට රජය තීරණය කර තිබේ.
State

 

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව්සතුන් හිඟය අවම කරලීමට අභිජනනය කරන ලද  බිත්තර Hatching Eggs ලක්ෂ දෙකක් ආනයනය කිරීමේ තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

State

සීතාවක ඔඩිසි සංචාරක දුම්රියේ මංගල චාරිකාව අද (15) උදෑසන කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරිණ.

State

වර්ෂාවසාන බෝනස් මුදල ගෙවීම සදහා මෙතෙක් අනුමැතිය නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිර්මාණය වූ නොසන්සුන්තාවය යම්තාක් දුරකට සමනය කරගැනීමට හැකි වූ බව කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අනුරාධපුරයේ දී අද (12) පැවසීය.

State

ලංකාවේ වන ආවරණය 16%ක් දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා පවසයි.

State

විදුලබල කප්පාදුවක් අද (15) සිදු නොකරන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි

State

මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වා කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම මැදවච්චිය දුම්රිය ස්ථාන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

State

ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වුවද 2024 වන විට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති අතර 2030 වන විට ඵම සංඛ්‍යාව 100,000 දක්වා ප්‍රමාණයක පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

State

මෙරට සංචාරයක නිරත ඇමරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සලයේ දකුණු ආසියානු කලාපීය ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, අතිගුරු රියර් ඇඩ්ම් අයිලීන් ලෝබාචර් මහත්මිය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන වි‌‌‌ජේසේකර මහතා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වූවා ය.

State

ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමට පෙර ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගොපාල් බාග්ලේ මහතා ඇතුළු නිලධාරීන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සමිඳුන් අබියස ආගමික වතාවත්වල නිරත වූහ.