Friday, February 06, 2026
Follow Us
 ඉන්ධන බෙදාහැරීම් සාමාන්‍ය පරිදි - ආරක්ෂක අංශ සහයත් ගනී

ඉන්ධන සැපයුමේ හිඟය පිළිබඳව කලබල නොවන ලෙස විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින අතර බෙදා හැරීම් සමාණ්‍ය පරිදි දිගටම සිදුවන බව ව්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

වෘත්තීය සමිති සේවකයන් ඇරඹූ වැඩවර්ජනය ඉන්ධන බෙදාහැරීම් සඳහා බාධා ඇති වුවද පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවන්ගේ සහය ඇති සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදාහැරීම් සිදු කෙරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.