Friday, February 06, 2026
Follow Us
State

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ පෞද්ගලික බස්රථ සේවා ක්‍රියාත්මක බවත්, මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා අමතර බස් රථ 300කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසයි.

State

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් 2023 යල කන්නයේ දී වී වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 570,000ක් වුවත් මඩ පොහොර නොමිලයේ ලබා දීමත් සමග වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 07 දක්වා ඉහළ යා හැකි බව කෘෂිකර්ම අංශ අවධාරණය කරයි.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් නම් කර ඇති අතර එහි සභාපති වශයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සනත් ජයන්ත එදිරිවීර මහතා පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත මෙම පත්වීම් සිදුකර ඇත.

State

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ පෞද්ගලික බස්රථ සේවා ක්‍රියාත්මක බවත්, මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා අමතර බස් රථ 300කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසයි.

State

75වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්‍රාමීය මාර්ග වල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම උදෙසා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නව බස්රථ 500ක්‌ ධාවනයට කිරීමේ වැඩසටහනේ යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ඩිපෝ වෙත නව බස් රථ භාරදීම මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

State

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය, නිලධාරීන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහභාගී වූ ප්‍රගති සමාලෝචන හමුවක් අද (06) උදෑසන පැවැත්විණ.

State

මේ වන විට ලංකා ගල් අඟුරු සමාගම විසින් නොරොච්චෝලේ, ලක්විජය බලාගාරයට මෙම වාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු නෞකා 22ක් ලබා ගෙන අවසන් කර ඇති අතර 23වන නෞකාව ගොඩබාමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

State
දුම්රියක් පිලීපැනීමෙන් හානියට පත් වූ දුම්රිය කන්තලේ අග්බෝපුර මාර්ගය තව පැය 04කින් යථාතත්වයට පත් කළහැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
State

යල කන්නය සඳහා මඩපොහොර හෙවත් TSP පොහොර ගොවීන් වෙත නොමිලයේ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

State

නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් සහ නව තානාපතිවරයෙක් පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (04) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

State

ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලක්ෂ 10ක් වූ දෙවන බිත්තර තොගය හෙට (08) නිදහස් කිරීමට හැකි බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

State

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (අප්‍රේල් 05) කොළඹ වරායේ දී SLINEX-23 ඒකාබද්ධ නාවික අභ්‍යාසයට සහභාගී වන ඉන්දීය නාවික නෞකා නිරික්‍ෂණ චාරිකාවක නිරත විය.

State

විගණන සේවා කොමිෂන් සභාව සඳහා අභිනවයෙන් පත් කරන ලද සාමාජිකයෝ ඊයේ (09) පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

State

ඩොලර් මිලියන 100ක ඉන්දියානු ණය ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන රජයේ පොදු ගොඩනැගිලි සහ ආගමික සිද්ධස්ථානවල වහළය මත සූර්ය පැනල සවි කිරීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) අමාත්‍යංශ නිලධාරීන් සහ සවි කිරීම් ක්‍රියාත්මක කරන සමාගමේ නිලධාරීන් සමඟ පැවැත්විණි.

State

2023 යල කන්නයේ වී වගාව සඳහා පොහොර සහනාධාරය ලබා දීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

State

වසර 04ක් තුළදී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

State

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළදාම් කටයුතුවල නිරතවීමට අවශ්‍ය පරිසරය නිර්මාණ කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

State

දැනට පවතින සංකීර්ණ කම්කරු නීති වෙනුවට ඉදිරිපත් කරනු ලබන සංයුක්ත කම්කරු නීති පද්ධතියේ පළමු කෙටුම්පත මැයි මාසය වන විට සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා සිය අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව වෘත්තීය සමිතිවලට, ව්‍යවසායකයින්ට, ස්වාධීන මත දරන ඕනෑම අයෙක්ට විවෘත කර ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.