Friday, February 06, 2026
Follow Us
ආහාර සුරක්ෂිතතාවය සාකච්ඡාක්

ආහාර සුරක්ෂිතතාවය (කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු) සම්බන්ධ සංකල්පමය ප්‍රතිපත්තිය පිළිබඳ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හදුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ කෘෂිකර්මාන්තය, සත්ත්ව නිෂ්පාදන හා ධීවර කටයුතු පිළිබඳ එක් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ ක්‍රියාකාරී කමිටුවේදී සාකච්ඡා විය.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ක්‍රියාකාරී කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අසංක නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී කෘෂිකර්මය, ධීවර, වැවිලි කර්මාන්ත, පරිසර, සංචාරක හා ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ඇතුළත් ක්‍රියාකාරී කමිටුව විසින් මෙම සංකල්පමය ප්‍රතිපත්තියේ රාමුව සකස්කොට තිබූ අතර මේ පිළිබඳ කරන ලද සාකච්ඡාවේදී නිරීක්ෂණය වූ සංශෝධනයන්ද සමග ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සකස්කරන කෙටුම්පත් ප්‍රතිපත්තිය කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හදුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව වෙත ලබාදීමට කටයුතු කරන බව මෙම කමිටුවේ සභාපති අසංක නවරත්න මහතා මෙහිදී පැවසීය.