Friday, September 25, 2026
Follow Us
State

මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ කටයුතු ආශ්‍රිත ක්‍රියාවලිය සරල කිරීම සහ කඩිනම් කිරීම සඳහා ජාතික යෝජනාවලියක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

State

සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

State

ලබන මහ කන්නයේ සිට යුරියා පොහොර මිටියක මිල රුපියල් 5000ට වඩා අඩු මුදලකට ගොවීන්ට ලබා දීමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

State

වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 දෙනකු සීමාවාසික පුහුණුව සඳහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

State

ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල ලබන 15 සිට 16%කින් අඩු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

State

2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර ලබන 12 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපනය අමාත්‍යාංශය සඳහන් කරයි.

State

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති යටතේ ටෙන්ඩර් කර ඇති නමුත් තවම සාධනීය කාර්යයන් සිදු කර නොමැති සැපයුම්කරුවන්ගේ අවසරයන් අවලංගු කිරීමට විදුලිබල මණ්ඩලයට සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් දී තිබේ.

State

 

දශක දෙකකට වැඩි කාලයක් පුරා සාකච්ඡා වූ කලාපීය බලශක්ති ජාලගත කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් කරමින්, 2030 වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. 

State

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

State

දැනට රට තුළ පවතින කුකුළු මස් හා බිත්තර හිඟයට විසඳුම් ලබා දීම සඳහා මව් කිකිළියන් වෙනුවට රක්කවන ලද බිත්තර ( Hatching Eggs) 176,000ක් ආනයනය කිරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා තිබේ.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනකෙු පත් කර ඇති අතර ඔවුන්ට අදාළ පත්වීම් ලිපිද ප්‍රදානය කර තිබේ.

State

රට තුළ කොවිඩ් -19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් පත් කර තිබේ.
2023 ජුනි මස 22 දිනැති අංක 23/විවිධ/026 දරන අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙම කමිටු පත් කර ඇත.

State

ඩ්‍රෝන තාක්ෂණ භාවිතය මගින් ඉදිරියේ දී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ශීඝ්‍ර සංවර්ධනයක් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

State

වී වගාවේ ගොඩවෙල්ලා (Spodoptera )දළඹු හානිය මේ වනවිට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබෙන අතර මෙම දළඹු හානිය වළක්වා ගත හැකි වසංගත තත්ත්වයක් වන බවත් ඒ සඳහා සියලු ගොවිජනතාවගේ ක්‍රියාකාරි සහයෝගය අවශ්‍ය බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

State

ලබන සතියේ සිට යූරියා සහ බන්ඩි පොහොර අඩු මිලට ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

State
  • රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට ජනපතිගෙන් යෝජනාවක්

ශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට “පරිගණක යෙදුම්” නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

State

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයෙකුට ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදුවුවහොත් 117 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.