Friday, September 25, 2026
Follow Us
State

ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

State

2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

State

අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රජය විසින් රුපියල් ලක්ෂ 3,100ක මුදලක් මහපොල භාරකාර අරමුදලින් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොල ශිෂ්‍යත්ව ආධාර සඳහා නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

State

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව මේ වන විට රටේ සියලු ක්ෂේත්‍රවල කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට ලැබෙන බවත්, ධීවර ජනතාවගේ ගැටලු විසඳීමට ද සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

State

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව අවසන් තීරණය මේ මස 30 වැනිදා (සිකුරාදා) ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (28) පැවසීය.

State
  • දේශපාලන උසි ගැන්වීම් හෝ වෙනත් බාහිර බලපෑම්වලට නතු නොවී ජූලි 10 වනදා දක්වා ඇති අභියාචනා කාල සීමාව තුළ ප්‍රාදේශීය ලේකම්වරු සමඟ සම්බන්ධ වන්න.
  • කඩිනමින් අභියාචනා ඉදිරිපත් කරන්න.
State

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම 2023.07.04 දින සිට ආරම්භ කරනු ලබන අතර 2023.08.07 දින දක්වා අයදුම්පත් යොමු කළ හැක.

State

කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින කාර්මික සංවර්ධන මණ්ඩලයේ මූලිකත්වයෙන් ගාල්ල ඇල්පිටියේදී කෘෂි හා ආහාර ආශ්‍රිත නිෂ්පාදන කාර්මික ජනපදයේ ඉදිකිරීම් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ඇල්පිටියේදී පසුගියදා ආරම්භ කෙරිණි.

State

ඉදිරි සති අන්තයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක ‍කරන බැවින් නිවසේ රැඳී සිටිමින් ඒ සඳහා සහාය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය.

State
  • ජනපති ව්‍යාපාරික ප්‍රජාවෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කර නව බැඳුම්කර හුවමාරුව එන අඟහරුවාදා

  • මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

ආර්ථිකය ඉදිරියට යෑමට නම් පෞද්ගලික අංශයට වඩා ලාභදායි අරමුදල් අවශ්‍යයයි

  • වාණිජ මණ්ඩලයේ සභාපති

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාවට පැහැදිලි කර දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කරයි.

State

විවිධ දේශපාලන කණ්ඩායම්වල බලපෑම්වලට හසු නොවී “අස්වැසුම” ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු අයදුම්කරුවන් ජූලි 10වනදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙසත්, අභියාචනා කාල සීමාව අවසන් වීමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

State

මෙරට ග්‍රාමීය මාර්ග වල පොදු ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කිරීම උදෙසා ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නව බස් රථ 500ක්‌ ලබා දීමේ වැඩසටහනේ තවත් අදියරක් කුරුණෑගලදී දියත් විය.

State

ලියාපදිංචි වීමට නොහැකි වූවන්ට අගෝස්තු මාසයේ දී යළිත් අවස්ථාව.
ලිඛිත අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ජූලි 10වනදා තෙක් අවස්ථාව.

State

මුස්ලිම් බැති මතුන්ගේ හජ්ජි උත්සව දිනය ( ඊදුල් අල්හා ) ජුනි 29 බ්‍රහස්පතින්දා දිනට යෙදී ඇති අතර, ඒ හේතුවෙන් එදිනට පසු දින, එනම් ජුනි 30 සිකුරාදා දින සියලුම මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

State

එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර තිබේ.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පත් කර තිබේ.

State
• මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට ද ඉන් බලපෑමක් නැහැ.
• මිලියන 50කට අධික බැංකු තැන්පත්කරුවන්ගේ කිසිඳු තැන්පතුවකට හෝ ඒ සඳහා ගෙවන පොලියකට බලපෑමක් එල්ල නොවේ.
• විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා හෙට කැබිනට් මණ්ඩලයට – ජනපති ගම්පහදී කියයි.
State

ඉදිරි මෝසම් වැසි කාලයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් තිබෙන බැවින් ඩෙංගු මර්දනය සඳහා සියලු අංශවල අවධානය තවදුරටත් වැඩි කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට හෝ සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැකි බවත්, එබැවින් මේ සඳහා සියලුම ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඩෙංගු රෝගීන් වාර්තා වීමේ පැහැදිලි වර්ධනයක් මේ වසරේ දක්නට ලැබෙන බවත්, ඒ අනුව ජනවාරි මස සිට මේ දක්වා රෝගීන් 47,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

මෙතෙක් වාර්තා වූ රෝගීන්ගෙන් වැඩි පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙන බවත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එක්ව එම දිස්ත්‍රික්කවල පවතින කසළ ඉවත් කිරීම ඇතුළු පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙන බවත් ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිෂ්පාදනය කරන '101 කතා' වැඩසටහනට ඊයේ (23) එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා,

ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වගේම රජය, පෞද්ගලික අංශය, මහජනතාව ඇතුළු සියලු පාර්ශ්ව එක් කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ඉතා වැදගත් වෙනවා.

මෙම වැඩපිළිවෙළ දීර්ඝ කාලීනව ක්‍රියාත්ම කිරීම තුළින් ඩෙංගු රෝගය පාලනය කිරීමේ හැකියාව පවතිනවා. ඉදිරියේදී ඇති වන මෝසම් වැසි සමඟ ඩෙංගු ව්‍යාප්තිය වැඩි වීමේ අවදානමක් තිබෙනවා. සාමාන්‍යයෙන් ජුනි සහ ජූලි මාසවල ඩෙංගු රෝගින්ගේ වැඩි වීමක් දක්නට ලැබෙනවා. එම නිසා ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා සියලු පාර්ශ්ව ඉතා අවධානයෙන් කටයුතු කළ යුතුයි.

ඩෙංගු රෝගයට ඕනෑම වයස් කාණ්ඩයකට අයත් අයෙකු ගොදුරු විය හැකියි. වාර්තාවන රෝගීන්ගෙන් සියයට 75ක්ම වයස අවුරුදු 15 ට වැඩි අයයි. මීට පෙර කුඩා ළමුන් අතර පැතිර ගියත්, වර්තමානය වන විට තරුණයන් අතර රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ඩෙංගු රෝගය යනු වෛරසයක්. එම නිසා ඩෙංගු රෝගය වැළඳුණු අයෙකුට මදුරුවෙක් දෂ්ට කළහොත් එම මදුරුවාගෙන් තවත් කෙනෙකුට රෝගය වැළදිය හැකියි.

ප්‍රධාන වශයෙන්ම මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීම ඉතා වැදගත්. පිරිසිදු ජලය ඒකරාශී වන ස්ථානවල තමයි බොහෝ විට ‍ඩෙංගු මදුරුවා රැඳී සිටින්නේ. ඉවත දමන ප්ලාස්ටික්, පරණ ටයර්, මල්පෝච්චි, පොල් කටු, තැඹිලි කෝම්බ ඇතුළු ඕනෑම ස්ථානයක ඩෙංගු මදුරුවන් බෝ වෙනවා. හැකි තරම් දුරට එවැනි ස්ථාන පිළිබඳව අවධානය යොමු කර ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම මදුරුවන් දෂ්ට කිරීම වළක්වා ගැනීමටත් පියවර ගත යුතුයි.
‍ඩෙංගු රෝගය වැළඳුණු අයෙකුගෙන් තවත් අයෙකුට බෝ නොවීමට නම් මදුරුවන් දෂ්ට කිරීමට ඉඩ ලබා නොදීමට පියවර ගත යුතුයි. ඒ සඳහා ශරීරය වැසෙන ලෙස ඇඳුම් භාවිතා කළ හැකියි. ඒ වගේම මදුරු විකර්ෂණ ආලේප තිබෙනවා. එමගින් ද මදුරුවන් දෂ්ට කිරීම පාලනය කරගත හැකියි. නමුත් මේ සියලුම ක්‍රම සියයට සියයක්ම සාර්ථක නැහැ.
ප්‍රාදේශීය සභා, නගර සභා, මහජන පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් රෝගය පාලනය කිරීම සදහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා. ‍ඩෙංගු රෝගය වැඩි වැඩියෙන් බෝ වන පළාත් කේන්ද්‍ර කරගෙන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම බහුතරයක් රෝගීන් වාර්තා වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඉදිරි සතිය ඇතුළත විශේෂිත වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. එම දිස්ත්‍රික්කවල පවතින කසළ ඉවත් කිරීමට ඒ අනුව කටයුතු කෙරෙනවා. මේ සදහා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබාදීමට එකඟ වී තිබෙනවා.
ජලය පිරුණු භාජනවල ජලය ඉවත් කළත් මදුරු කීටයන් රැඳී සිටිය හැකියි. එම නිසා ඒවාත් හොඳින් පිරිසිදු කොට නැවත ජලය එක්රැස් නොවන ලෙස තැබිය යුතුයි. සාමාන්‍යයෙන් මදුරුවාගේ ජීවන චක්‍රය පවතින්නේ දින පහක් හෝ හයක්. ඒ නිසා සතිපතා පරිසරය පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඔබ සිටින අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම අනිවාර්යයයෙන්ම කළ යුතු වෙනවා. ඩෙංගු රෝගය පාලනය කිරීම තනි පුද්ගලයකුට පමණක් කරන්න බැහැ. ඒ වගේම එය ආයතන කිහිපයකට පමණක් කරන්නත් බැහැ. මේ සඳහා රටේ සියලු දෙනාගේම සහාය අවශ්‍යයි.
ඩෙංගු රෝගය වැළඳුණු කෙනෙක් නම් වෙහෙස මහන්සි වී වැඩ නොකළ යුතුයි. විවේක ගැනීම අත්‍යවශ්‍යයි. එහෙම නොවුණහොත් සංකූලතා ඇති වීමේ සම්භාවිතාව වැඩියි. උණ ‍සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් ඖෂධ භාවිතා නොකළ යුතුයි. කිසිම උණ රෝගියකුට පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ ලබා නොදෙන ලෙසට උපදෙස් දී තිබෙනවා. ඇතැම් විට පැරසිටමෝල් ඖෂධයට උණ සම්පූර්ණයෙන්ම පාලනය නොවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල රෝගීන් බිය විය යුතු නැහැ. උණ තිබුණා කියලා බරපතල ගැටලුවක් වෙන්නේ නැහැ. ශාරීරිකව විවේක ගැනීම තුළින් සංකූලතා අවම කර ගන්න පුළුවන්. තැඹිලි, දෙහි, දොඩම්, ජීවනී වැනි දියර වර්ග භාවිතා කිරීම ඉතා වැදගත් බව කිව යුතුයි.