ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කොළඹ වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය කි. මී.5.27ක දිගින් යුතු වේ. මංතීරු 4කින් සමන්විත එහි පළල මීටර් 25කි.
කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ කලක් තිස්සේ පැවති අක්‍රමිකතා හෙළිදරව් කිරීම හේතුවෙන් අදාළ අක්‍රමිකතා මගහරවාගෙන ආයතනය දියුණු කිරිමට කටයුතු කිරීමට හැකිවි ඇති බැවින් ඒ පිළිබඳ කෝප් කමිටුවට සිය ස්තූතිය පල කරන බව පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේය.
මේ අදහස් පළ වූයේ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව වෙත 2023 මාර්තු 07 දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රන්ජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (04) පාරලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
කෝප් කමිටුවේ නියෝග මත ආයතනය විසින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තා සහ ලිපි ලේඛන සලකා බැලූ බවත් මේ වන විට ආයතනය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සතුට පළ කරන බවත් කෝප් සභාපතිවරයා සඳහන් කළේය.
කාර්ය මණ්ඩල බඳවා ගැනීම් විධිමත් කිරීම
මෙහිදී මහා භාණ්ඩාගරයේ නියෝජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ කෝප් කමිටුව විසින් ලබා දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා මූලික පියවර ලෙන ඇති බව සහ ඒ අනුව ආයතනයේ කාර්ය මණ්ඩලයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය බඳවා ගැනීමේ පටිපාටි කළමණාකරනසේවා දෙපාර්තමේන්තුව මගින් අනුමත කොට මේ වන විට දැන්වීම් පල කොට තිබේ.
වාර්ෂික වාර්තා සහ සංයුක්ත සැලැස්ම ඉදිරිපත් කිරීම
එමෙන්ම ආයතනයේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමද කඩිනම් කිරීමට කටයුතු කරන බවද මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. ආයතනයේ සංයුක්ත සැලැස්ම මේ වන විටත් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව වෙත යොමු කොට ඇති බවත් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමතියට යටත්ව එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවත් මෙහිදී අවධාරණය විය.
සංයුක්ත සැලැස්මේ ව්‍යාපාරික අරමුණු
දැනට ඉදිරිපත් කර ඇති සංයුක්ත සැලැස්මේ අඩංගු ව්‍යාපාරික අමුණු සාක්ෂාත් කිරීමේ උපායමාර්ග පිළිබඳ කෝප් සභාපතිවරයා මෙහිදී විමසා සිටියේය. එහිදි නිලධාරින් සඳහන් කළේ ආයතනයේ ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා උපායමාර්ගික සැලැස්මක් මේ වන විට සකස් කොට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
අක්‍රමිකතා පිළිබඳ මූලික විමර්ශන
කමිටුවේ නිර්දේශ අනුව ආයතනයේ සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ මූලික විමර්ශනයක් සිදු කොට අතුරු වාර්තාවක් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කොට ඇති බවද මෙහිදී ප්‍රකාශ විය. එයට අමතරව ආයතනයේ අක්‍රමිකතා රැසකට වගකිවයුතු යැයි සැලකෙන සාමාන්‍යාධිකාරීවරයා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඒ පිළිබඳ පරික්ෂණයක් සිදු කෙරෙමින් පවතින බවද පැමිණ සිටි නිලධාරිහු පෙන්වා දුන්හ.
මෙහිදී පරික්ෂණ වාර්තාව පිළිබඳ අදහස් දැක්වූ නිලධාරින් පෙන්වා දුන්නේ 2006 සිට කටයුතු කළ උක්ත සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් පරිපාලණ ගැටලු රාශියක් මතුව ඇති බවයි.එයට අමතරව අක්‍රමවත් බඳවා ගැනීම්, ප්‍රතිරක්ෂණය ක්‍රියාත්මක නොකිරීම, නිලධාරින්ට රාජකාරී ලැයිස්තු ලබා නොදීම, නිලධාරීන්ට අසමාන අයුරින් සැලකීම, ආයතනයේ සුභසාධනය කපා හැරිම, ආයතනයේ කාර්ය සාධනය දිගින් දිගටම අඩුවීම ඇතුළු අනෙකුත් අක්‍රමිකතා රැසක් වාර්තාව මගින් අනාවරණය වූ බවයි.
මෙහිදී කෝප් කමිටු සාමාජිකත්වය උපදෙස් ලබා දුන්නේ සිදුකර ඇති විමර්ෂණය ප්‍රමානවත් නොවන බැවින් ආයතනයේ සිදුවී ඇති ගණු දෙණු සම්බන්ධව වෝහාරික විගණනයක් හෝ එවැනි ගැඹුරු විමර්ෂණයක් පවත්වන ලෙසයි. මාස 06කට පසු ආයතනයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව නැවත කැඳවන බවද සභාපතිවරයා දැනුම් දුන්නේය.
එයට අමතරව ආයතනයේ සමහර ලිපිගොණු අතුරුදන් වීම සහ පැරණි ඩිජිටල් දත්ත මකා දැමීම සම්බන්ධව මෙන්ම තොරතුරු වාර්තා වන බව සඳහන් කළ කොප් කමිටු සාමාජිකත්වය ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවට දැනුම් දුන්නේය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු ජගත් කුමාර සුමිත්‍රාාරච්චි ,ගරු (නීතිඥ) මධුර විතානගේ සහ ගරු රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
නුගේගොඩ නගරයේ විදුලි රැහැන් යටිබහන් කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා ජාතික පද්ධතිය සමග එකතු කිරීම සිදු කරනු ලැබුණි.
ඉන්දියන් සාගරය ඔස්සේ සිදුවන නීති විරෝධී මිනිස් සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
විවිධ පාර්ශව චෝදනා නැඟුවද පසුගිය ජුනි මාසයේ සිදු කළ විදුලි මිල සංශෝධනයේ දී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60ක ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55%ක විදුලි මිල සහනයක් ලබාදීමට රජය කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඉන්දියානු NTPC විදුලිබල සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) යන ආයතන වල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, ලංකා විදුලිබල මන්ඩලය සහ ඉන්දියානු NTPC ආයතනය එක්ව ක්‍රියාත්මක කරන මෙගාවොට් 130ක සාම්පූර්, සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්විණි.
පාර්ලිමේන්තුවේ ඕනෑම කාරක සභාවක රැස්වීම්වලට සහභාගි වන නිලධාරීන් සාකච්ඡාවට භාජනය වන විෂයයන් පිළිබඳ අදාළ දැනුමෙන් සන්නද්ධ විය යුතු අතර කාරක සභාව විසින් ඉල්ලා සිටින විට තොරතුරු සැපයීමට සූදානම් විය යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් දැනුම් දී තිබේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවක් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත් වූ එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගුවන් හමුදා මූලස්ථානයේදී පසුගියදා (01) සුබ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.
ප්‍රාදේශීය මට්ටමේ, දිස්ත්‍රික්ක මට්ටමේ, පළාත් මට්ටමේ සහ ජාතික මට්ටමේ පවතින ළමයින් සම්බන්ධ ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසදුම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරියේදී රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මේ වන විට උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණයේ අවසන් අදියරට පැමිණ සිටින අතර එය අවසන් වූ වහා ම සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂණය ආරම්භ කරන බවත් 2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය ද මෙම වර්ෂාවසානයට පෙර පවත්වන අතර දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2024 වර්ෂයේ මුල් කාර්තුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
විදේශ රටවල් 18ක තානාපතිවරු ඇතුලු 49ක දූත පිරිසක් රැගත් විශේෂ දුම්රිය අද (2) පස්වරුවේ ඓතිහාසික දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වූහ .
Page 74 of 647