Thursday, February 05, 2026
Follow Us
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන රජය ගත් තීරණය
ජපන් රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබේ.
 
ඊට අදාළව යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ (04) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇත.
 
ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.
 
මේ අනුව අදාළ යෝජනාවේ කොළඹ ජපාන රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ සාකච්ඡා නැවත සක්‍රීය කරමින් අදාළ ගිවිසුමට එළැඹීම සඳහා උචිත කාලරාමුවක් සකස් කිරීමට අදාළව කරුණු ඇතුළත්ව තිබේ.