Thursday, March 26, 2026
Follow Us
State

ලබන මහ කන්නයේ සිට වී වගාව සඳහා යුරියා පොහොර ලබා දෙන මිලටම එළවළු ගොවීන්ටත් යුරියා පොහොර ලබා දීමට තීරණය කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඊයේ (21) පස්වරුවේ ආර්ථික මධ්‍යස්ථානවල පාලකයින් හා ගොවි නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දැනට වෙළෙඳපොළේ ඇතැම් එළවළු මිල ගණන් ඉහළයාම සම්බන්ධව අදහස් පළ කරමින් ගොවි නියෝජිතයින් කියා සිටියේ පවතින නියඟය නිසා මෙන්ම පොහොර මිළ ගණන් ඉහළ මට්ටමක පවතින නිසා එළවළු වගා කරන ගොවීන් මහත් අසීරුතාවන්ට ලක්ව ඇති බවයි.

එමනිසා වී වගාවට මෙන්ම එළවළු වගාවට ද යුරියා පොහොර සහන මිලකට ලබා දීම සඳහා පියවර ගන්නා ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඊට පිළිතුරු දුන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා නුවරඑළිය, බදුල්ල, දඹුල්ල, ආදි ප්‍රදේශ ගණනාවක ගොවීන් සමග කළ සාකච්ඡාවල දී එළවළු වගාව සඳහා සහන මිලකට යුරියා පොහොර ලබා දෙන ලෙස ගොවි ජනතාව ඉල්ලීම් ඉදිරිපත් කළ බවත්, එමනිසා ලබන මහ කන්නයේ සිට එළවළු ගොවීන්ට වී වගාව සඳහා යුරියා පොහොර ලබා දෙන මිල ගණන්වලටම යුරියා පොහොර ලබා දීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

එමෙන්ම ලංකා පොහොර සංස්ථාව හා කොමර්ෂල් පොහොර සමාගම විසින් එළවළු හා අනිකුත් වගාවන් සදහා මිශ්‍රණ පොහොර සකස් කරන අතර එම පොහොර ද වෙළෙඳ පොළේ මිලට වඩා අඩු මිලට ලබා දීමට කටයුතු යොදා ඇති බවද සඳහන් කළේය.

මීට අමතරව ආර්ථික මධ්‍යස්ථානවල තත්ත්වය ගැන සඳහන් කළ අමාත්‍යවරයා ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවන විට අපේක්ෂිත පර්මාර්ථය මේ වනවිට ඉක්මවා ගොස් ඇති බව සඳහන් කළේය.

ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවන ලද්දේ යහපත් චේතනාවකින්. විශේෂයෙන් ගොවියාත් පාරිභෝගිකයාත් දෙදෙනාම ආරක්ෂා කිරීමේ අරමුණින්. නමුත් මේ වනවිට ආර්ථික මධ්‍යස්ථාන පාලනය කරන්නේ හා ඉන් ලාබ ලබන්නේ නාඩි කාරයින් ලෙස හඳුන්වන වෙනත් අතරමැදි පිරිසක්. මෙම තත්ත්වය නැති කළ යුතු යැයි ද කීය.

ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු විදිමත් කිරීම හා සොයා බැලිම සඳහා අමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කළේය. ඒ අනුව ඒ සඳහා පත් කරන කමිටුව විසින් මාස දෙකක් තුළ ආර්ථික මධ්‍යස්ථානවල පවතින තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසත්, එම වාර්තාව අනුව ආර්ථික මධ්‍යස්ථානවල කළ යුතු වෙනස්කම් සම්බන්ධව පියවර ගන්නා බවත් සඳහන් කළේය.

State

ඉදිරියේ දී වාර්ෂිකව සංචාරකයන් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

State

2030 වනවිට මෙරට සමස්ත විදුලිබල උත්පාදන අවශ්‍යතාවයෙන් 70% පුනර්ජනනීය බලශක්තින් මගින් සපුරාගැනීමේ රජයේ වැඩපිළිවෙළට නැගෙනහිර පළාත සූදානම් කිරීම සඳහා සහ නව ඉන්ධන පිරිපහදුවක් සමඟ නිර්මාණය වන ත්‍රිකුණාමලය සංවර්ධන සැලසුම පිලිබදව විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

State

රජයට අයත් ලංකා පොහොර සමාගම විසින් මඩ පොහොර සහ බණ්ඩි පොහොර නව මිශ්‍රණ පොහොර දෙකක් හඳුන්වා දීම අද (21)  වත්තල, හුණුපිටිය ලංකා පොහොර සමාගම් පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

State

පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අවස්ථාව – ජනපති.

ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා මෙම යාන්ත්‍රණ තුනෙහිම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State
දේශීය වෛද්ය ක්ෂේත්රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි කර්මාන්තයක් බවට පත් කරනවා
• පාරම්පරික වෛද්යවරුන්ගේ ලියාපදංචිය පිළිබඳ ගැටලු විසඳීමට නව වැඩපිළිවෙළක්.
• ආයුර්වේද පනත සංශෝධනයට පියවර.
• ආයුර්වේද සංස්ථාව මේ වන විට ලාභ ලබන ආයතනයක්.
• සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් වැඩසටහන් රැසක් – දේශීය වෛද්ය රාජ්ය අමාත්ය සිසිර ජයකොඩි.
මෙරට දේශීය වෛද්ය ක්ෂේත්රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි වාණිජ වටිනාකමකින් යුත් කර්මාන්තයක් ලෙස ප්රවර්ධනය කිරීමට අවශ්ය පියවර ගෙන තිබෙන බව දේශීය වෛද්ය රාජ්ය අමාත්ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
රාජ්ය අමාත්ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (15) ජනාධිපති මාධ්ය කේන්ද්රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
රට තුළ නිරෝගීමත් ජනතාවක් ගොඩනැඟීමට මෙන්ම සෞඛ්ය ක්ෂේත්රයේ මතුව ඇති ගැටලුවලට පිළියමක් ලෙස දේශීය වෛද්ය ක්රමය සහ ආයුර්වේද ක්රමය තුළ නව ප්රවණතා රැසක් සිදු කර තිබෙන බව ද රාජ්ය අමාත්යවරයා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය වෛද්ය රාජ්ය අමාත්ය සිසිර ජයකොඩි මහතා මෙසේ ද පැවසීය,
මෙම යුගය දේශීය වෛද්ය ක්ෂේත්රයේ පුනර්ජීවන යුගයක් ලෙස හඳුන්වා දිය හැකියි. ඒ සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් පසුගිය කාලයේ අප පුළුල් වැඩකොටසක් ඉටු කළා.
අපේ රටේ දේශීය වෛද්ය සේවාව ගුණාත්මක වෛද්ය සේවාවක් ලෙස දීර්ඝ කාලයක් පැවතුණා. ඉන් ඔබ්බට ගොස් දේශීය වෛද්ය ක්ෂේත්රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි කර්මාන්තයක් ලෙස වාණිජ වටිනාකමක් සහිතව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ දැන් දේශීය වෛද්ය අමාත්යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.
විශේෂයෙන් එළැඹෙන සැප්තැම්බර් 08,09 සහ 10 දිනවල දේශීය වෛද්ය අධ්යාපන හා වෙළෙඳ ජාත්යන්තර ප්රදර්ශනයක් හා සමුළුවක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙම ප්රදර්ශනයට විවිධ රටවල නියෝජිතයන් සහභාගී වෙනවා. අපේ රටේ ආයුර්වේද නිෂ්පාදන අපනයනය සඳහා අවශ්ය වෙළෙඳපොළ සොයා බැලීම සහ ඒ පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් ද මෙහිදී සිදු කිරීමට අපේක්ෂිතයි.
එසේම සතිමත් බව තුළින් දරුවන්ගේ සෞඛ්ය තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පාසල් කේන්ද්රකරගත් වැඩසටහනක් අද ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබුවා. මෙරට ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ප්රජා වෛද්ය ක්ෂේත්රයේ වෛද්යවරුන් 2500කට ආසන්න පිරිසක් සිටිනවා. ඔවුන්ගේ දායකත්වයෙන් මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කර තිබෙනවා.
1961 දී ඇතිකළ ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා අවශ්ය කටයුතු ද අප මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා .ඒ සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය විසින් ද මාර්ගෝපදේශ ලබා දී තිබෙනවා. ශ්රේෂ්ඨාධිකරණයේ එම නියමයන්ට යටත්ව ආයුර්වේද පනතේ අවශ්ය සංශෝධන සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
මෙරට අපනයන ක්ෂේත්රයේ ප්රවර්ධනයට හා විදේශ විනිමය උත්පාදනයට අවශ්ය ඖෂධීය ශාඛ වගා කිරීම පිළිබඳ වූ වගන්තිවලට ශ්රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ වගේම ආයුර්වේද ක්ෂේත්රයේ ඉහළ කාර්යක්ෂමතාවක් ඇති කර ගැනීම සඳහා එහි සංවිධාන ව්යුහයේ වෙනස්කම් රැසක් අප සංශෝධන වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා ද ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට අපේක්ෂා කරනවා.
ඒ වගේම අපේ රටේ 25,000කට අධික ලියාපදිංචි පාරම්පරික වෛද්යවරුන් සිටින අතර ලියාපදිංචි නොවූ විශාල පිරිසක් ද සිටිනවා. පාරම්පරික වෛද්යවරුන්ගේ ලියාපදිංචිය පිළිබඳ ගැටලු නිරාකරණය කිරීම සඳහා ගමින් ගමට යන වැඩසටහනක් අමාත්යාංශය විසින් පසුගියදා ආරම්භ කළා.
ඒ අනුව වයස අවුරුදු 70ට වඩා වැඩි පාරම්පරික වෛද්යවරුන්ට විභාගයකින් තොරව ලියාපදිංචි වීම සඳහා අවශ්ය වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන අතර වයස අවුරුදු 45ට වඩා වැඩි ලියාපදංචි නොවූ පාරම්පරික වෛද්යවරුන් සඳහා වාචික පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
මීට පෙර එම පහසුකම ලැබී තිබුණේ නැහැ. පාරම්පරිකව දැනුම රැගෙන එන බොහෝ වෛද්යවරුන්ට ලිඛිත විභාගයක් පිළිබඳ ගැටලු පැණ නැගුණු නිසා, වාචික විභාගයක් මගින් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර අදාළ ලියාපදංචිය සිදු කර ගැනීමට අවශ්ය පහසුකම් අප මෙලෙස සපයා තිබෙනවා.
දේශීය වෛද්ය අමාත්යාංශය ලෙස අප උත්සාහ කරන්නේ නිරෝගීමත් ජනතාවක් ගොඩනැඟීම මෙන්ම සෞඛ්ය ක්ෂේත්රයේ මතුව ඇති ගැටලුවලට පිළියමක් ලෙස දේශීය වෛද්ය ක්රමය හා ආයුර්වේද වෛද්ය ක්රමය ශක්තිමත් කිරීමටයි.
ආයුර්වේද සංස්ථාව දිර්ඝකාලයක් ගැටලුවලට මුහුණ දුන් ආයතනයක්. එම තත්ත්වය ඉතා මැනවින් කළමනාකරණය කර ගනිමින් අද වන විට ලාභ ලබන තත්ත්වයට සහ ආර්ථික වශයෙන් ඉතා සුබදායක තත්ත්වයකට පත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. විශේෂයෙන් ආයුර්වේද සංස්ථාව අපනයන ක්ෂේත්රයට අවතීරණ වීමත් මේ වන විට සිදුව තිබෙනවා.
ඒ වගේම සංචාරක ක්ෂේත්රය ඉලක්ක කරගෙන සාම්ප්රදායික ක්රමයන්ගෙන් එහා ගිය ප්රතිකාර ක්රමයක් ලෙස දේශීය වෛද්ය ක්රමයේ දායකත්වය සංචාරක හෝටල්වලට ලබාදීම සඳහා ද නව වැඩපිළිවෙළක් ක්රියාත්මකයි. ඉතා හොදින් පුහුණු කළ සහතික ලත් තෙරපිවරුන් බිහි කරමින් එම වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබෙනවා.
දේශීය වෛද්ය ක්ෂේත්රය ඇදහිය නොහැකි විදේශ විනිමයක් උත්පාදනය කළ හැකි ක්ෂේත්රයක් ලෙස ප්රවර්ධනය කිරීමේ හැකියාවක් තිබෙනවා. අද ලෝකය පුරාම ශාඛ සාර නිෂ්පාදනවලට ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම රූපලාවණ්ය ක්ෂේත්රය අද බිලියන ගණනක් සැරිසරන ක්ෂේත්රයක්. ඒ වගේම සංචාරක ක්ෂේත්රය තුළ දේශීය වෛද්ය ක්රමයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා.
ඒ වගේම විවිධ රෝගාබාධ සඳහා ශාඛසාර මත පදනම් වූ ඖෂධවලට ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබෙනවා. මේ සියල්ල සමඟම අපේ සංස්කෘතිය සමඟ දීර්ඝ කාලයක් පුරා පෝෂණය වූ දැනුම් පද්ධතියක් අපට තිබෙනවා. එසේම එම දැනුම සමඟ මුසු මූ නව පර්යේෂණ මත තහවුරු කළ ආයුර්වේද ක්රමවේද තිබෙනවා. මේ සියල්ල ඒකාබද්ධ කර ගනිමින් අපේ රට ගොඩනැඟීමට දේශීය වෛද්ය ක්ෂේත්රයෙන් හැකියාව ලැබෙන බව අප විශ්වාස කරනවා.
State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා හෙට (21) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

State

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ටෙන්ඩර් කැඳවන ලද සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක බිම්ගත සූර්ය පැනල මගින් විදුලි උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පසුගියදා (16) සිදු කෙරිණි.

State

කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

State
  • ඊට දායකවන සියලු දෙනාට පහසුකම් සැලසීමට රජය සුදානම් – “හිල්ටන් යාල රිසෝර්ට්” අති සුඛෝපභෝගී හෝටලය විවෘත කරමින් ජනපති පවසයි.

මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බවත් වැදගත් තීන්දු තීරණ රැසක් ගනිමින් එහි ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

අංශ කිහිපයක අත්‍යාවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කිරීම දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

State
  • සැප්තැම්බර් 15 වන දා සිට තලෛයිමන්නාරම – කොළඹ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක්.
  • වව්නියාවේ සීනි කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට පියවර -ජනපති මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට එක් වෙමින් කියයි.
  • ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ජනපති දරන ප්‍රයත්නයට වතිකානුවේ හා කතෝලික සභාවේ ආශිර්වාදය.

මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය තහවුරු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පැවසීය.

State
  • අතීතය ගැන පමණක් සිතන දේශපාලන සම්ප්‍රදායෙන් බැහැරව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරියට යා යුතුයි – ජනපති නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී කියයි.

ඉදිරි ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි හා නවීන තාක්ෂණය සමඟ අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

රාජ්‍ය සේවයට ලබන වසරේ නව බඳවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි. 

State

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී මතුව ඇති ගැටලු විසඳීමට කඩිනමින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

State
  • ශ්‍රී ලංකාවේ තේ නොකිළිටි තේ ලෙස ජාත්‍යන්තරයට ගෙන යන ඉලක්කය සාර්ථක කර ගන්න – ජනපති කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ වාර්ෂික මහා සම්මේලනයේ දී පවසයි.

තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එය නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 අගෝස්තු මස 17 වන බ්‍රහස්පතින්දායින් අවසන් වන අතර, දෙවන පාසල් වාරයේ දෙවන අදියර 2023 අගෝස්තු මස 28 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.