ඉදිරි මාස 03 තුළ ඉන්දියාවෙන් බිත්තර මිලියන 92.1ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
1980 දශකයේ දී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා සේම නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතිය ද කඩිනම් කර රටේ ආර්ථිකයට නව ජීවයක් ලබාදීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් මෙන්ම මූල්‍ය සාක්ෂරතාවයෙන් ද සවිබල ගැන්වීම අරමුණයි.
ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡාවට – ජනපති.
අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් මෙන්ම මූල්‍ය සාක්ෂරතාවයෙන් ද සවිබල ගන්වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය වසර 10 කට පසු කෝප් කමිටුව හමුවට
• පනත යාවත්කාලීන කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග
• අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු කඩිනමින් පත් කිරීමට නියෝග
• නව ගොඩනැගිල්ලක ස්ථානගතවීමට සති දෙකක කාලයක්
• අමාත්‍යාංශය අතර ඍජු සබදතා නැති වීමේ අඩුපාඩුව පෙන්වා දෙයි
• මාස හයකින් නැවත කැඳවීමක්
• විගණන වාර්තාවෙන් පෙන්වාදුන් අඩුපාඩු නිවැරදි කිරීමට මාස තුනක කාලයක්
වන අලි ගම්වැදීම වැළැක්වීමට අලිවැට තවමත් ඉදිනොකළ තැන් සොයා බලා එම ස්ථානවල හැකි ඉක්මනින් අලිවැට ඉදිකිරීමට කටයුතු කරන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
අධ්‍යාත්මික දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා දහම් අධ්‍යාපනය නගාසිටුවීමට රජය විසින් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී දහම් අධ්‍යාපනයට විශේෂ ස්ථානයක් හිමි වන බවත් ආගමික හා සංහිඳියාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ මහතා පැවසීය.
අලුතින් ඉදිකරන ලද පොල්පිටිය - හම්බන්තොට 220 kV සම්ප්‍රේෂණ මාර්ගය සහ හම්බන්තොට නව ග්‍රිඩ් උපපොළ ඊයේ (24 ) බලගන්වා ජාතික පද්ධතියට එක් කරන ලද බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
එළැඹෙන මාස් කන්නයේ වී වගා කටයුතු ඔක්තෝබර් මස 15 දිනට හෝ ඊට ආසන්න දිනයක් තුළ සියලුම ප්‍රදේශවල ආරම්භ කිරීම සඳහා ගොවීන් උනන්දු කළ යුතු යැයි කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ සියලුම අංශ ඊයේ (29) තීරණය කර තිබේ.
ආරුගම්බේ සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙන්ම ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ඉදිරියේ දී රජයේ පාසල් සඳහා ගුරුවරුන් අටදහසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පැවසීය.
මේ අනුව උපාධිධාරී ගුරුවරු 5500ක් සහ දෙවන භාෂා ගුරුවරුන් ලෙස ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අරවින්ද කුමාර් මහතා මෙසේ ද පැවසීය,
පසුගිය කාලයේ රට තුළ ආර්ථික අර්බුදයක් පැවතියත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳ රජය වැඩි අවධානයක් යොමු කර කටයුතු කළා. ඒ වගේම රටේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු නඟා සිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ලැබුවා.
රටේ දරුවන්ගේ අධ්‍යාපනය සහ එම ක්ෂේත්‍රයේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව එතුමා නිරන්තරයෙන් කතා කරනවා. ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ රැසක් සමඟ එම කටයුතු ඉදිරියට ගෙන යාමට අමාත්‍යාංශය සැලසුම්සහගතව කටයුතු කරනවා.
නව විෂය මාලාවලින් සමන්විත එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණමය වැඩසටහන අධ්‍යාපන අමාත්‍යවරයාගේ මඟපෙන්වීමෙන් දැනටමත් ක්‍රියාත්මකයි. ස්ටීම් (STEAM) අධ්‍යාපන ක්‍රමය මේ වන විට ලෝකයේ රටවල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමයක්. එම සංකල්පය අපේ රටේ ද ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ වගේම දරුවන් තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ කිරීමට මෙන්ම නව තාක්ෂණික ක්‍රම ඔස්සේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බව කිව යුතුයි.
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස්වලට වී සිටින දරුවන්ට වෘත්තීය, තාක්ෂණික මෙන්ම ඉංග්‍රීසි ඇතුළු භාෂා පුහුණුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.මේ සඳහා දිවයිනේ පාසල් 320ක් දැනටමත් තෝරාගෙන තිබෙනවා. එම වෘත්තීය පුහුණු වැඩසටහන ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.
පාසල් සඳහා ගුරුවරුන් 8000ක් අප දැනටමත් බඳවා ගෙන තිබෙනවා. ඉදිරියේදී තවත් උපාධිධාරීන් 5500ක් ගුරුවරුන් ලෙස පුහුණු කර බඳවා ගැනීමට කටයුතු කරනවා. ඊට අමතරව දෙවන භාෂා ගුරුවරුන් ලෙස තවත් 2500ක් බඳවා ගැනීමට නියමිතව තිබෙනවා.
වෘත්තීය පුහුණු වැඩසටහන පසුගිය කාලයේ පැවති කොවිඩ් වසංගත තත්ත්වය නිසා අඩපණ වුණා.
නමුත් මේ වන විට සුපුරුදු ලෙස දිවයින පුරා පිහිටි සියලුම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සිය කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ වගේම 2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස 10 වැනිදාට පෙර අනිවාර්යෙන්ම නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
එසේම රටේ සියලු ප්‍රදේශවල දරුවන් අද අධ්‍යාපනයේ දී විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරනවා. ඒ වගේම විශාල සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබනවා. රටේ අධ්‍යාපනය අද ඉහළ ගුණාත්මකභාවයකින් පවතින බව ඒ අනුව පෙනී යනවා.
ශ්රී ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බවත් තරඟකාරිත්වයට මුහුණ දෙමින් නව වෙළෙඳපොළ , විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල ගමන් මඟ අනුගමනය කරන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
පිරිවෙන් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පැවසීය.
චීන ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් වටිනා ‘හදිසි විධාන සහ සන්නිවේදන පද්ධති වාහන රථ පෙළ’ (මෝටර් රථ 11) ඊයේ (22) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් යුධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී නිල වශයෙන් භාරගන්නා ලදි.
ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් බැර කර අවසන්.
සති දෙකක් තුළ කාර්ය සාධක බලකායක් පත් කොට මේ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස්
· විශ්වවිද්‍යාල ආචාර්යවරු 50% ක පුරප්පාඩු පවතින බවත් අනාවරණය වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ගරු රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (22) රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කැඳවා තිබිණි.
රටේ මේ අවස්ථාවේ පවතින පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා, ජල සම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ එකාබද්ධව කඩිනම් වැඩපිළිවෙළක් හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා ක්‍රියාත්මක කිරීමට, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (22)පැවති විශේෂ රැස්වීමකදී තීරණය විය.
Page 60 of 640