ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ලලිත් කන්නන්ගර නොහොත් ‘බස් ලලිත්’ නැමැත්තා අද (25) අලුයම මෙරටට රැගෙන විත් තිබේ.
කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර තිබුණු බව වාර්තා වේ.
ලංකාවට රැගෙන ආ සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.