පාරිසරික ගැටලු සඳහා ජාතික පාරිසරික පනත සහ අනෙකුත් පනත් සංශෝධනය ඔස්සේ, ඉදිරියේදී විසඳුම් ලබා දීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.
පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඊයේ (05) පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පරිසර අමාත්‍යංශයට අයත් ජාතික වනෝද්‍යානවල පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර පරිසර අමාත්‍යවරයාගේ උපදේශකත්වයෙන් යුතුව පත් කරන ලද ජාතික වනෝද්‍යානවල පවතින ගැටලු විමසීම පිළිබඳ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ද උපදෙස් ද ලබා දෙන ලදී.
කැළණි ගඟට අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් ඇතිවන ජල අපවිත්‍රතාව පිළිබඳ ගැටලුව සඳහා විසඳුම් සෙවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
“කැලණි ගඟ සුරැකීමේ” ව්‍යාපෘතියෙන් කැලණි ගඟට අපද්‍රව්‍ය බැහැර වන ස්ථාන සම්බන්ධයෙන් පූර්වයෙන් හඳුනා ගැනීම සඳහා ඇති හැකියාව පිළිබඳවද මෙහීදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.