Thursday, March 05, 2026
Follow Us
ඉදිරියේදී සියලු ඉඩම් සිතියම්ගත කිරීමට විශේෂ වැඩපිළිවෙළක්
සියලු ඉඩම් සිතියම්ගත කිරීම පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (04) මිනින්දෝරු දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ.

 

ලංකාවේ සියලු ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා ඉඩම් සිතියම්ගත කිරීමේ වැඩපිළිවෙළ ක්රියාත්මක වේ. මේ හරහා ඉඩම් සම්බන්ධ සම්පූර්ණ චිත්රයක් එකම ස්ථානයකින් ලබාගත හැකි වීම, ඉඩම් ආරවුල් විසඳා ගැනීමට පිටුවහලක් වීම, නිලධාරීන්ට රාජකාරී කටයුතු කිරීමට පහසුවීම මෙන්ම නව තාක්ෂණය සමඟ යාවත්කාලීන වීමට හැකි වේ. ඉඩම් සිතියම්ගත කිරීමේ මූලික අදියර මොණරාගල දිස්ත්රික්කයෙන් ආරම්භ කළ අතර මේ වනවිට එය සාර්ථකව ක්රියාත්මක වෙමින් පවතී.
 
මෙම අවස්ථාවට සම්බන්ධ වූ කෘෂිකර්ම අමාත්යාංශ ලේකම් මෙහිදී ප්රකාශ කළේ විදෙස් ආයෝජකයන් පවා විවිධ ආයෝජන සිදුකිරීම සඳහා ඉඩම් ලබා ගැනීමට පැමිණියත්, ඉඩම් පිළිබඳ නිවැරදි තොරතුරු ආයතනය සතුව නොපැවතීම හේතුවෙන් එම වටිනා අවස්ථා මගහැරී යන බවයි.