2026 පෙබරවාරි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්යාව 279,328ක් බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.
මෙය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව ඉහළ අගයක් බවයි වාර්තා වන්නේ.
අදාළ වාර්තාවට අනුව පෙබරවාරි මාසයේ දී වැඩිම සංචාරක සංඛ්යාවක් පැමිණි රට වන්නේ ඉන්දියාවයි.
මීට අමතරව එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, චීනය සහ ප්රංශය පෙබරවාරි මාසයේ දී වැඩිම සංචාරකයින් සංඛ්යාවක් දිවයිනට පැමිණි රටවල් අතරට එක්වේ.
ඒ අනුව 2026 මුල් මාස 02 තුළ සංචාරකයින් 556,655 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.