"එක මිටට - ගොවි බිමට " ජාත්‍යන්තර පොහොර දින ජාතික සැමරුම් වැඩමුළුව හා අලෙවි ප්‍රදර්ශනය ඊයේ (13) කෑගල්ල නගර සභා ශාලාවේදී ආරම්භ කෙරිණි.
මෙම ප්‍රදර්ශනයේදී රජය නව කෘෂිකාර්මික සහනාධාර වැඩසටහන්, හරිතාගාර වගාක්රම හඳුන්වාදීම, ප්රමුඛ පෙළේ පොහොර සමාගම් රාශියක සහභාගීත්වය සමගින් ලාභදායී හා පරිසර හිතකාමී නව පරම්පරාවේ වැඩිදියුණු කළ පොහොර වර්ග හඳුන්වාදීම සහ ජංගම පර්යේෂණාගාර සේවා මගින් පාංශු පරීක්ෂණ පහසුකම් ද සලසා තිබුණි.
මෙවර සැමරුමේදී 2025 ජාතික පොහොර ලේකම් කාර්යාලයේ පොහොර භාවිතයේ සමීක්ෂණයට අනුව නිර්දේශිත පොහොර භාවිත කරමින් පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් සහ පරිසර හිතකාමී තිරසාර කාබනික වගාව මගින් නිරෝගිමත් පරපුරක් උදෙසා සිය වගාබිම් ඵලදායි ලෙස වගාකල ගොවි මහතුන් අගය කරමින් ත්‍යාග ලබාදීමක්ද සිදු කෙරිණි.
ජාතික පොහොර ලේකම් කාර්යාලය සංවිධානය කළ මෙම ජාතික සැමරුම සඳහා ප්‍රදර්ශන කුටි විස්සකට ආසන්න ප්‍රමාණයක් එක් කර තිබුණි.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,කෑගල්ල නගරාධිපති,දිස්ත්‍රික් ලේකම්,කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරින් ඇතුළු කෘෂි ක්ෂේත්රයට සම්බන්ධ නිලධාරින්,ගොවි ප්‍රජාව, සිසු දරු දැරියන් එක්ව සිටියහ.