Monday, August 24, 2026
Follow Us
Social and Equity

කොරෝනා වෛරසය ආසාධනය වූ බවට හදුනා ගෙන ඇති ආසාධිතයෙකු හලාවත, අඹකදවිල ගම්මානයෙන් අද (08) වැනිදා දහවල් හමු වී තිබෙනවා. හලාවත මහා රෝහලට වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පසුගිය 06 වෙනිදා ඔහු රෝහලට පැමිණ ඇත. එම අවස්ථාවේ සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රථිපල අද ලැබි ඇති අතර එහිදී ඔහු කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වී තිබෙන බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

Social and Equity

කොවිඩ් පොකුරක් නැවත මෙරට තුළ මතු වූ බ්‍රැන්ඩික්ස් ආයතනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක තොරතුරු සංසරණය වීම සම්බන්ධයෙන් එම ආයතනය විසින් පිළිතුරු ලබාදී තිබේ.

Social and Equity

කොළඹ ජාතික රෝහල වෙත පැමිණෙන පුද්ගලයින්ව සීමා කිරීම හෙට (8) සිට ආරම්භ කරන බව රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙක් සදහන් කළේය.

Social and Equity

වැලිසර පිහිටි බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙනුත් කොවිඩ් ආසාදිතයකු වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Social and Equity

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කො​රෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පිරිසක් වැලිකන්ද ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ (07 වැනිදා) රැගෙන යද්දී එම පිරිසේ සිටි එක් කාන්තාවක් මියගොස් ඇත.

Social and Equity

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාව සමග සෘජු සම්බන්ධකම් පැවත්වූ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් PCR පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදා ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

Social and Equity

ප්‍රධාන මාර්ගයේ බටුවත්ත සිට යත්තල්ගොඩ දක්වා දුම්රිය ස්ථාන 18ක අද (08) රාත්‍රි 12 සිට දුම්රිය නොනවත්වන බව දුම්රිය බලධාරීන් පවසයි.

Social and Equity

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 1034ක් සොයාගෙන ඇතත් ඊයේ (07 වැනිදා) පස්වරු වන විට රෝහල් ගත කර ඇත්තේ 528ක් පමණක් බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

Social and Equity

The flights bringing stranded Sri Lankans home,would be restricted considering the capacity of the quarantine centres and hospitals resulting from the new cluster in the country,chief Epidemiologist Dr.sudath Samaraweera said. He said the flights scheduled for yesterday,would be operated but new flights would be restricted.

Social and Equity

දැනටමත් සංවිධාන කර ඇති මංගල උත්සවයක් වැනි අත්‍යවශ්‍ය උත්සවයක් පැවැත්වීමට අදාළ ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් අවසර ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

Social and Equity

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන විශේෂ උපදෙස් මාළාව පහතින් දැක්වෙනවා.

Social and Equity

නිරෝධායනය කිරීමට අවශ්‍ය එහෙත් දැනට ලිපිනයන් වෙනස් කර සැඟවී සිටින බ්‍රැන්ඩික්ස් සේවකයන් වහාම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී නි​රෝධායනයට යොමුවන ලෙස හමුදාපතිවරයා ඉල්ලා සිටී.

Social and Equity

කොවිඩ් ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයින්ට ඉදිරි දින 7 තීරණාත්මක විය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

Social and Equity

බෝ නොවන රෝග හා නිදන්ගත රෝග ඇති අය මෙන්ම වැඩිහිටියන්ද මෙම අවස්ථාවේ සංචරණ සීමා කරමින් ප්‍රවේශම් විය යුතු බව වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කරයි.

Social and Equity

අහංගම ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන්වහන්සේ නමක් මිනුවන්ගොඩ ඥාති නිවසකට ගොස් ආපසු විහාරස්ථානයට වැඩම කිරිම නිසා එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 16 නමක් ඊයේ (6) සිට විහාරස්ථානයේම ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

Social and Equity

ඊයේ (07) දිනයේදී යක්කල සිට වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යද්දී මියගිය 68 හැවිරිදි කාන්තාවගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Social and Equity

Given the sudden spike in COVID-19 local infections, the Government yesterday decided to postpone all repatriation flights until further notice.

Social and Equity

දිවුලපිටිය ඇඟළුම්, කම්හල ආශි‍්‍රත කොවිඞ් පොකුරෙන් තවත් ආසාදිතයින් 124 දෙනෙකු ඊයේ රාති‍්‍රය වනවිට වාර්තා වුණා.