Thursday, February 19, 2026
Follow Us
මිනුවන්ගොඩ කොරෝනා පොකුර : හුදෙකලා කළ ප්‍රදේශ වල ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ ආසාදිතයින් 166 දෙනෙකු ඊයේ දිනය තුළ වාර්තා වී තිබෙනවා.

ඒ, ඊයේ රාති‍්‍රයේ වාර්තා වූ ආසාදිතයින් 57 දෙනෙකු සමගින්. යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ එම පිරිසෙන් 56 දෙනෙකු මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ‍්‍රිතයින් වන බවයි.

මේ අතර, කළුතර දිස්ති‍්‍රක්කයේ ග‍්‍රාම නිලධාරී කොට්ඨාශ 06 ක් ඊයේ රාති‍්‍රයේ සිට වහාම කි‍්‍රයාත්මක වන පරිදි හුදෙකලා කෙරුණා.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසූවේ හුදෙකලා කෙරුණු ප‍්‍රදේශවල ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් තහනම් වන බවයි.

මේ අතර ගම්පහ දිස්ති‍්‍රක්කයටම බලපැවැත්වෙන පරිදි ඊයේ රාතී‍්‍ර 10 සිට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය ලබන සඳුදා අලූයම 05 දක්වා කි‍්‍රයාත්මකයි.

ඊට අමතරව කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 05 කට බලපැවැත්වෙන පරිදි පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ද තවදුරටත් කි‍්‍රයාත්මක වනවා.

(NEth)