Tuesday, August 25, 2026
Follow Us
Social and Equity

ලංකා සතොස වෙළෙඳසල් මගින් පාරිභෝගිකයකුට නිකුත් කරන සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් දෙකක් දක්වා සීමා කර අතැයි එහි සභාපති නුෂාඩ් පෙරේරා පවසයි.

Social and Equity

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීමත් සමග දක්ෂිණ අදිවේගී මාර්ගය ඔස්සේ දකුණු පළාතට ගමන් කරන රථ වාහන පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් වැලිපැන්න පිවිසුමේ දී සිදු කිරීමට අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසය ආරම්භ කර ඇත. ඒ අනුව අධිවේගී මාර්ගය වැලිපැන්න පිවිසුම අසලින් තාවකාලිකව වසා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු වාහන වැලිපැන්න පිවිසුම හරහා ගමන් කිරීමට සලස්වා පරීක්ෂා කිරීම සිදු කෙරේ.

Social and Equity

බේකරි ඇතුලූ සංචාරක වෙළදාමේ නිරතවන පුද්ගලයින් නිරෝධායන රීති සහ සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපැදිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ ඇතැම් පුද්ගලයින් නිරෝධායන රීති අනුගමනය නොකරන බවට තොරතුරු වාර්තා වන බවයි.

Social and Equity

වායු දූෂණය ඉහළ ගොස් ඇති බැවින් ළමා හතිය වැඩිවිය හැකි යැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

Social and Equity

කොවිඩ් 19 වෛරසයේ ආසාදිත පොකුරු බස්නාහිර පළාතේ පැතිර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Social and Equity

නිරෝධායන ඇඳීරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතෙන් වෙනත් ප‍්‍රදේශවලට ගිය පුද්ගලයින් 550 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මඩකලපුව, නුවරඑළිය, තංගල්ල, මාතර, යාපනය සහ බණ්ඩාරවෙල යන ප‍්‍රදේශවලටද මෙම පිරිස ගොස් ඇති බවයි. ඔවුන් මේ වනවිට රැඳී සිටින ස්ථානවලදීම දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

Social and Equity

අවධානම් පුද්ගලයින් මාර්ග අසල හෝ වසා දමා ඇති මත්ස්‍ය වෙළදසැල් අසල වෙළදාමේ නිරත වීම අවධානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ වෙනත් පුද්ගලයින්ටද වෛරසය ආසාදනය වීමේ අවධානමක් මේ හරහා මතු වන බවයි.

Social and Equity

ජලය සහිත මැටි කෝප්පයකට දෙහිකොළ, පාවට්ටා කොළ, ඉ`ගුරු කෑල්ලක්, කොත්තමල්ලි ටිකක් දාලා හොඳට උණු කරගෙන උදේ සවස හුමාලය අල්ලන්න. මේ මගින් කොරෝනා රෝගයෙන් මිදීමට පුළුවන්…..’’ යැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පී. හේවාගමගේ මහතා ‘‘දිවයින’’ට ඊයේ (01 වැනිදා) පැවසීය.

Social and Equity

සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීම හේතුවෙන්, සෞඛ්‍ය වෘත්තිකයන් ජනතාව වෙනුවෙන් පණිවිඩයක් ලෙස මෙලස දක්වා ඇත.

Social and Equity

බස්නාහිර පළාත තුල ඇඳිරිනීතිය පවතින කාලය අතර තුර කොවිඩ් 19 යැයි සැක කෙරෙන යම් රෝග ලක්‍ෂණයක් කිසියම් පුද්ගලයකුට මතු වුවහොත් රෝහල් ගතවීමට පෙර දුරකථන අංක 0117966366 අමතන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටී. මහජනයා මෙම ක්‍රියා පිළිවෙත නිවැරිදිව අනුගමනය කළහොත් කොවිඩ්19 ආසාදිතයන් සෘජුවම රෝහල් ගතවීම වලක්වා ආසාදිතයන් අදාල රෝහල් වෙත යොමු කිරීමට හැකියාව ලැබෙන බව බලධාරීන් අදහස් කරන බව වාර්තාවේ.

Social and Equity

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකානු රජය තහනමක් පැනවීමට මුල් වූ හිටපු හමුදා නිලධාරීන් තිදෙනකු ගැන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමෙන් පසු අනාවරණය වී ඇත.

Social and Equity

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 397 දෙනා ගෙන් 179 දෙනෙකු ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

Social and Equity

Thirty-four (34) employees of Horana Bodyline apparel factory tested positive for Covid-19 on Sunday, the MAS holdings said.

Social and Equity

වර්තමාන පාතාලයේ ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ් ඝාතනය වීමත් සමගම මෙරට සැඟවී සිටින පාතාල නායකයන් ඇතුළු අපරාධකරුවන් රැසක් හොර රහසේම රටින් පලා යෑමට උත්සාහ කරමින් සිටින බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත.

Social and Equity

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් කොවිඩ්19 වෛරසය මේ වන විට සමාජය ව්‍යාප්ති තත්ත්වයක පවතින බව අවධාරණය කරණු ලැබීය.

Social and Equity

වෛද්‍යවරුන් ,හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 50කට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදිත බැව් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කර ඇත.

Social and Equity

කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.