Thursday, February 19, 2026
Follow Us
කොරෝනා දෙවැනි රැල්ලේ වැඩිම මරණ කොළඹින්

කොවිඩ් 19 දෙවැනි රැල්ල ආරම්භ වී මාස එක හමාරක් ගත වන විට තිස් නව දෙනකු (39) කොවිඩ් නිසා ඊයේ දින (13) වන විට මිය ගොස් තිබේ.

ඉන් වැඩිම ප්‍රමාණයක් වන 25 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ය. මේ අතර මියගිය අය අතරෙන් වැඩිම ප්‍රමාණයක් වයස අවුරුදු 40-50 අතර පසුවන්නන්ය. එම වයස් කාණ්ඩයේ දස දෙනකු මියගොස් තිබේ.

දෙවැනියට මියගොස් ඇත්තේ අවුරුදු 50-60 අතර පුද්ගලයන් නව දෙනෙකි. දින දෙකකදී පස් දෙනා බැගින් මියගිය අවස්ථා දෙකක් ද වාර්තා විය.

මියගිය පුද්ගලයන්ගෙන් 21 දෙනකු පිරිමි වන අතර ඉතිරි 14 දෙනා කාන්තාවන් වේ.

මාර්තු 11 ආරම්භ වූ පළමු රැල්ලෙන් පුද්ගලයන් 13 දෙනකු මියගිය අතර ඔක්තෝබර් 04 ආරම්භ වූ දෙවැනි රැල්ලෙන් 39 ද වශයෙන් මේ වන විට 52 මියගොස් ඇත.

(Aruna)