වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සහායකයින් කිහිප දෙනෙකු සහ පිටස්තරින් පැමිණ ඇති 9 දෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති බව PCR පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බැවින් එය වසා දැමීමට පියවර ගත් බව ආර්ථික මධ්‍යස්ථානය බාර ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි.
ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙරට උතුරු සහ නැගෙනහිර පළාත්වලට දැඩි වශයෙන් බලපෑ ‘බුරවි’ සුළි කුණාඩුව ඊයේ (03 වැනිදා) සවස් කාලයේ දී මන්නාරම සහ පූනරීන් අතර වෙරළට ආසන්ව පැවති අතර එය මන්නාරමට උතුරු ප්‍රදේශයෙන් ඉන්දියාව දෙසට ගමන් කිරීම අරඹා තිබිණි.
කොරෝනා දෙවන පොකුරේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වෙමින් ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ මහ නගර සභා බල ප‍්‍රදේශය ඒ අතරින් ප‍්‍රධානයි. ඉකුත් ඔක්තොම්බර් 04වනදා දෙවන රැල්ල ආරම්භ වූ දා සිට මේ දක්වා කොළඹ දිස්ති‍්‍රක්කයෙන් පමණක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත සංඛ්‍යාව 10,884ක්.
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමත් සමග එහි සියලු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
කොරෝනා වසංගත තත්ත්වය මත නිරෝධායන ක‍්‍රියාවලියට යොමුවීම හේතුවෙන් ගුවන්තොටුපොළ බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි වූ ගුවන් මගීන්ට ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.
Sri Lanka can pin hopes on a vaccine approved by the World Health Organisation (WHO) by the middle of February, next year, a Minister said yesterday.
The cyclonic storm ‘Burevi' yesterday moved away from the country, after it slammed the East Coast on Wednesday (2 December) with little damage than earlier feared.
මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව අද (05) දිනයේ තවත් සුළු භු චලනයක් වාර්තා වී ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.
අගමැති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව රාජකාරි සිදුකරන පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණ වලින් තහවුරු වී ඇත.
බුරවි සුළි කුණාටුව ක්‍රමයෙන් මන්නාරම දෙසට හමා යාමත් සමගම මන්නාරම පේසාලේ ධීවර වරායේ නවතා තිබූ බෝට්ටු 65 ක් පමණ එම සුළගට හසු වී අද උදෑසන ගසා ගෙන ගොස් ඇතැයි මන්නාරම එක්සත් ධීවර සංගමය ප්‍රකාශ කර සිටිනවා.
කොරෝනා රෝගය වැළදීමෙන් අනතුරුව අයි.ඩී.එච්. රෝහලේදී 69 හැවිරිදි වෛද්‍යවරයකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170% වැනි ඉහළ පොලී අනුපාතය යටතේ ණය ලබාදී ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති ශෙහාන් සේමසිංහ පැවැසීය. කෙසේ වෙතත් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් මෙම තත්ත්වය පාලනය කළ නොහැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.
The Keells supermarket outlet in Kalubowila has been temporarily closed from today (03) following the detection of Covid patients.
මින්පසුව අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහභාගි නොවන බවට රජයට දැනුම් දී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. මහජන පරීක්ෂකවරුන්ට අටලුගම ප්‍රදේශයේදී කෙළ ගැසීම, පහරදීමට තැත් කිරීම නිසා මේ සම්බන්ධයෙන් තීරණය ගත් බව හෙතෙම සඳහන් කළේය.
After the incident of a Covid-19 infected individual spitting in the face of a Public Health Inspector (PHI) in Atalugama in Bandaragama, the Government Medical Officers’ Association (GMOA) said health professionals would have to take very serious decisions in future regarding providing their services for the people in the area.
කුරුණෑගල නගරයේ මහ වීදිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකින් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 11දෙනෙකු හදුනාගෙන තිබේ.
Page 517 of 764