කොවිඩ් – 19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කොන්ක්‍රීට් යෙදූ සිමෙන්ති වළක සිදුකළ හැකි බවට යෝජනාවක් මීළඟ කොවිඩ් තාක්ෂණික කමිටුවට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.
එළඹෙන උත්සව සමයේදී පවා හුදෙකලා කිරීම් හෝ සංචරණ සීමා යටතේ තවදුරටත් ජීවත් වන්නේදැයි තීරණය කිරීමේ වැඩි වගකීම ජනතාව සතු බව යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නත්තල් සමය ඉලක්ක කර ගනිමින් ලබන 21 වනදායි ආරම්භ වන සතියේදී මීගමුව ප‍්‍රමුඛ ගම්පහ දිස්ත‍්‍රික්කයේ මෙන්ම ජනතාව වැඩි වශයෙන් ගැවසෙතැයි අපේක්ෂිත ප‍්‍රදේශ වල හුදෙකලා කිරීමක් හෝ ඇඳීරි නීතිය පැනවීමක් සිදු කරනු ඇතැයි ඉකුත් දින වල වාර්තා පල වුණා.
වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කෝවිඩ් ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.
The health authorities of the Colombo Municipal Council started antibody testing of people in collaboration with the Medical Faculty of Sri Jayewardenepura Universities to check on herd immunity against COVID-19, an official said yesterday.
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 149 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ වාර්තා වූ තවත් කොරෝනා මරණ 02 ක් සමගින්. එලෙස මියගොස් ඇති එක් පුද්ගලයෙකු කොළඹ 15 ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මුල්ලේරියාව මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. අනෙක් පුද්ගලයා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මහනුවර නගරයේ කොරෝනා අවදානම මේවනවිට අවම මට්ටමක පවතින බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය පවසනවා. ඔහු කියා සිටියේ පාසැල් 03 ක් හැර සෙසු පාසැල් ද විවෘත කිරීමට හැකි මට්ටමේ ආරක්ෂිත තත්ත්වයක් නගරය තුළ පවතින බවයි.
වවුනියාවේ, සාලම්බකුලම් ගම්මානයෙන් ආසාදිත කාන්තාවක් සහ කුඩා දරුවකු හඳුනාගැනීමත් සමඟ ගම්මානය හුදකලා කර ඇති බව වාර්තා වනවා. නැවත දැනුම්දෙන තුරු හුදකලා බව ක්‍රියාත්මක කරන බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරනවා.
කොරෝනා දෙවන රැල්ල ආරම්භවීමත් සමග තාවකාලිකව වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ලබන අගහරුවාදා සිට යළි විවෘත කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ තොග වෙළඳාම සඳහා පමණක් පළමුව වෙළඳ සංකීර්ණය විවෘත වන බවයි.
අද සහ හෙට දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප‍්‍රධාන දුම්රිය මාර්ගය හා මුහුදුබඩ දුම්රිය මාර්ගය ද ඇතුලූ සියලූ දුම්රිය මාර්ග ආවරණය වන පරිදි දුම්රිය ධාවන කටයුතු සිදු කෙරෙන බවයි. ලබන සඳුදා දිනයේ සිට සියලූ කාර්යාල දුම්රියන් ධාවනය සඳහා යෙදවීමට පියවර ගන්නා බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
රක්වාන උක්වත්ත ප්‍රදේශයේ සංචරණ සිමාවන් පනවා ඇති බව ගොඩකවෙල ප්‍රදේශිය සභාව සඳහන් කරනවා. මෙලෙස සංචරණ සිමාවන් පනවා තිබීම තාවකාලිකව ඊයේ (12) රාත්‍රී 10යේ සිට ක්‍රියාත්මක කර ඇති බවත් ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බංඩාර මහතා සඳහන් කර තිබේ.
වැලිමැස්සාගෙන් ව්‍යාප්ත වන ලිස්මනයිසිස් නම් චර්ම රෝගයට ගොදුරු වූ රෝගීන් 500දෙනකු පමණ හමුවී ඇතැයි වාර්තා වේ.
කොවිඩ්19 වෛරසය මර්ධනය කිරීම පිණිස කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති දැනට “ධම්මික පැණිය” ලෙස ප්‍රචලිතව ඇති පැණිය ශ්‍රී ලංකා පොලිසියේ කොරෝනා ආසාදිත නිලධාරීන් 21 දෙනෙකුට ලබා දීමෙන් කරන ලද පරීක්ෂාවෙන් 14 දෙනකු පූර්ණ සුවය ලබා ඇති බව වාර්තාවේ. ඒ අනුව බන්ධනාගාර වල සිටින ආසාදිත රැඳවියන්ගෙන් කැමති අයට ලබාදී පරීක්ෂා කිරීමට කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ.
පසුගිය ඔක්තෝම්බර් මස 04 වනදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වූ නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 14,107 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 397 දෙනා සමගින්.
Countries are striving to reach higher profiles in diplomacy, informational, military and economic spears and therefore Sri Lanka needs its military to achieve the highest possible standards attainable without any exception, Defence Secretary Maj. Gen. (Retd) Kamal Gunaratne said.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන පරිදි මේ වන විට ශ්‍රී ලංකාවේ නිවෙස් වල රැඳී සිටින පුද්ගලයන් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යාමත් සමාජයෙන් ආසාදිතයන් වාර්තා වන තත්වයක් අනුව කොවිඩ්19 වෛරසය සමාජ ව්‍යාප්ති මට්ටමට පැමිණ තිබේ.
මෙරට කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා මාලදිවයින විසින් සූදානම් බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
The Covid-19 prevention task force has decided that the Anti-Covid-19 syrup produced by Dhammika Bandara of Kegalle should be given to the prisoners who are willing to test it.
අහසේ සිදුවන දුර්ලභ දසුනක් දැක බලා ගැනීමට අද සිට මෙරට ජනතාවට අවස්ථාව උදාවනවා. ඒ, සකී‍්‍රය වී ඇති ’’ජෙමිනිඞ්’’ උල්කාපාත වර්ෂාවේ උපරිම අවස්ථාව අද සිට දින 03 ක් පැවතීම හේතුවෙන්. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජේ්‍යෂ්ඨ තාරක පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ පැවසුවේ පැහැදිලි අහසක් පවතින්නේනම් මෙම උල්කාපාත වර්ෂාව සුපැහැදිලිව දැක ගැනීමට මෙරට ජනතාවට හැකි බවයි.
Page 513 of 764