බරපතළ අපරාධ සහ මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ අපරාධ විමර්ශන කටයුතු මාස 3 ක කාලයක් ඇතුළත අවසන් කළ යුතු බව නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.
මෙරට එක් පුද්ගලයකු රුපියල් 670,000ක් (හයලක්ෂ හැත්තෑදාහක්) ණය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එයිනුත් රුපියල් 290,000ක්( දෙලක්ෂ අනූදාහක්) විදේශයන්ට ගෙවිය යුතු ණය ලෙස සටහන් වී ඇත. 2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රු. බිලියන 14,605.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම සංඛ්‍යා ලේඛන වාර්තාවේ සඳහන් වේ.
වගා බිම්වලට හානි කරන රිලව් ඇතුළු සතුන් වන්ද්‍යකරණයට ලක් කිරීමට දරන උත්සාහයට පරිසර සංවිධාන දැඩි විරෝධය පල කරනවා. වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ වගා බිම්වලට හානි කරන බව පවසමින් වල් ඌරා, රිලවුන්, වඳුරන්, මොනරුන් හා ඉත්තෑවන් වැනි සතුන්ගේ ගහණය අඩු කිරීමටයි.
ඊයේ(09) කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
කොවිඩ් 19 ආසාදිත වී සුව වූ පුද්ගලයන්ටද කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරන බව බෝ නොවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම පැවැසීය.
The COVID-19 positive rate in the country has increased twice the rate of the patients recorded in the previous month, the Government Medical Officers' Association (GMOA) said.
රජයේ රසයනාගාරවල පී.සී.ආර්. සාම්පල දස දහසක් ගොඩගැසී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ‘අරුණ’ට පැවසීය.
පසුගිය දිනවල වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගැන සලකා බැලීමේදී ප්‍රිය සම්භාෂණ, සාද හා විවාහ උත්සව ප්‍රධාන වශයෙන් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට හේතුවක් වූ බව පෙනී යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් පුවත් පළකිරීම වළක්වමින් සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය හිමි MTV පුද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය පෙබරවාරි මස 08 වන දා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (18 ) නියෝග කළේය.
බස්නාහිර පළාතේ අධි අවදානම් ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පෙර පාසල් යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.
කොවිඩ්-19 වෛරසය ආසාදනයෙන් මොණරාගල මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ පූර්ව විශ්‍රාම නිවාඩු ලබා සිටි 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් තිබේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ හෙට (09) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පෞද්ගලික බස් වර්ජනය සම්බන්ධයෙන් අද (08) දින පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අවසන් එකඟතාවයට පැමිණෙන බවයි.
ලෝකයේ වැඩියෙන්ම වස කන රට ශ්‍රී ලංකාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.
මාධ්‍යවේදීන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම පිළිබඳව අවධානය යොමුව ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව පැවසීය.
වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට අදාල තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ, වතු හාම්පුතුන්, වතු කම්කරුවන් හා රජයේ පාර්ශවය අතරයි. කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති නෙත් නිවුස් වෙත කියා සිටියේ අද දිනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (8දා) ආරම්භ කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ වැඩ වර්ජනය ඊයේ(08) මුදල් හා ප‍්‍රාග්ධන රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සමඟ සිදුකළ සාකච්ඡාවෙන් පසු ලබන අඟහරුවාදා (15දා) තෙක් සතියකින් කල් දැමීමට තීරණය කළ බවයි.
ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් -1 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 887 දෙනෙකු හඳුනා ගනු ලැබූවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ නව ආසාදිතයින් රෝහල් කරා ගෙන යාමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි.
Page 480 of 757