Monday, February 23, 2026
Follow Us
මොරවක 51දෙනෙකුට කොවිඩ්

මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිදුකළ අහඹු පි.සී.ආර් පරීක්ෂණවලදී කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 51 දෙනෙකු ඊයේ (13) දිනයේ හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

පසුගියදා සිදු කළ පි.සී.ආර් පරීක්ෂණ 293 කින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

හඳුනා ගත් කොවිඩ් ආසාදිතයින් නගරයේ වෙළෙඳසැල්වල සහ තේ කර්මාන්ත ශාලාවක පිරිසක් බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

‍කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් මොරවක නගරයේ වෙළෙඳසැල් තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව දින 3ක කාලයක් නගරයේ වෙළෙඳසැල් වසා දමනු ලබන අතර මොරවක සතිපොළ ද යළි දැනුම්දෙන තුරු නොපැවැත්වීමට පිටබැද්දර ප්‍රාදේශීය සභාව තීරණය කර තිබේ.

(Aruna)