යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් 11දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ(21) හඳුනා ගෙන ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීස්වරන් මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ (21) දින කොවිඩ් ආසාදිත රෝගීන් 114 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි.
කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සදහා පත් කරන සාමාජිකයන්ගෙන් කිහිප දෙනෙකු ශ්‍රී ලාංකිකයන් විය යුතු බවට අවශ්‍ය නම් යෝජනා කිරීමට ජනාධිපති ලේකම්වරයා සූදානම් බව අද ඔහුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .
කොවිඩ් – 19 වයිරසය වැලඳුණු තරබාරු පුද්ගලයන්ට දරුණු ආසාදන තත්ත්වයන් ඇතිවන බව අධ්‍යයනයකින් හෙළිවී තිබේ.
රාජ්‍ය බැංකුවක සේවකයන් හැත්තෑවකට කොවිඩ් වැලඳී ඇත්තේ අලුත් අවුරුද්දට ටේලර් යන්ත්‍රවලට අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා බැංකුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් පසු බව අනාවරණය වේ.
හම්බන්තොට වරායට පැමිණි නෞකාවේ තිබී ඇත්තේ න්‍යෂ්ටික බලාගාරවල ඉන්ධන සදහා භාවිතා කරන විකිරණශීලි ද්‍රව්‍යයක් බව අනාවරණ වී තිබෙනවා. නෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රා කරමින් තිබූ ජර්මනියට අයත් මෙම නෞකාව ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් එය අළුත්වැඩියා කිරීම සදහා හම්බන්තොට වරායට ඇතුල් වී ඇත්තේ ඉකුත් 20වනදා රාත්‍රී 9.00ටයි.
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
සත්‍ය හෙළිදරව් කර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන තෙක් මේවන විට දියත්කර තිබෙන විරෝධතා දිගටම පවත්වාගෙන යන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කර තිබේ.
පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට අදාළ වැඩිදුර වාචික දේශන අද දිනයේද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කෙරෙනවා.
කොවිඩ් ව්‍යාප්තිය වැඩි වුවහොත් වෙසක් උත්සවය ආගමික කටයුතුවලට පමණක් සීමා කරමින් පැවැත්වීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවැසීය.
Mrs. Ireland, Kate Schneider has been made the new Mrs. World after Mrs. Sri Lanka Caroline Jurie tendered her resignation.
ගත වූ දින හතර ඇතුළත කොළඹ අයි.ඩී.එච්. රෝහලේ කොවිඩ් ආසාදිතයන් 141 දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහලේ ප්‍රධාන හෙද පාලිකා ගීතානි උඩුගම් කෝරාළ පවසයි. ඊයේ (21 වැනිදා) පස්වරුව වන විට කොළඹ අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන් 8 දෙනකු ප්‍රතිකාර ලබන බවද ඇය සඳහන් කළාය.
මධ්‍යම පළාතේ මහනුවර නුවරඑළිය හා මාතලේ යන දිස්ත්‍රික්ක වලින් නව ආසාදිතයන් 11ක් වාර්තා වී තිබෙන බවත් අද (21) පෙරවරු 6.00 පමණ වන විට ආසාදිතයන් 8058ක් දක්වා ඉහල ගොස් තිබෙන බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට අදාළ වැඩිදුර වාචික දේශන තුන්වන දිනටත් අද පැවැත්වෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ (21) දින කොවිඩ් ආසාදිත රෝගීන් 114 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි.
කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, හොරගස්කැලේ ග්‍රාමයෙහි ආසාදිත 17 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වනවා. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරගාවලි දහයෙන් තරගාවලි 9ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
Page 456 of 764