රට විවෘත කිරීමෙන් පසු පස්වන කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා නිසි පරිදි කළමනාකරණය කිරීම වඩාත් වැදගත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
රට විවෘත කිරීමෙන් පසුව පෝරුවේ චාරිත්‍ර පමණක් හෝ සිදු කරමින් විවාහ මංගල උත්සව පැවැත්වීමට අවස්ථාවට ලබා දෙන ලෙසට බස්නාහිර පළාත් සුළු පරිමාණ මංගල සැපයුම්කරුවන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.
මැණීකේ මගේ හිතේ ප්‍රති නිර්මාණ ගීතයෙන් ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික ගායන ශිල්පිනී යොහානි ද සිල්වා බොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රයේ පසුබිම් ගායනයට පිවිස තිබෙනවා.
කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින්ට ස්නායු රෝග තත්වයන් ඇතිවිය හැකි බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා.
රට සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලු පුරවැසියන් වගකීම් රැසක් ඉටුකළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. එන්නත් නොගත් පුද්ගලයින් කඩිනමින් එන්නත් ලබා ගැනීම මෙන්ම එන්නත් ලබාගත් පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම ද ඒ සඳහා වැදගත් වන බවයි ඔහු පෙන්වා දුන්නේ.
සහල් ආනයනයට ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස පාර්ශව රැසක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
වාහන ආනයනයේදී පැනවෙන බදු අමෙරිකානු ඩොලර්වලින් ගෙවීමට එකගවන පුද්ගලයින්ට වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන ලෙස යෝජනා කළේ සිය සංගමය බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
Issuing a weather forecast for today, the Meteorological Department said there could be thundershowers in Western, Sabaragamuwa, Central and North-Western provinces and in Galle and Matara districts.
ඊයේ (27) දිනය තුළ මෙරටින් හඳූනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 983ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Page 359 of 749