Tuesday, March 03, 2026
Follow Us
අයවැය පොරොන්දුවට අනුව ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

මෙතෙක් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ සිය වැටුප් ගැටළුවට අයවැයෙන් ලබාදුන් විසදුමට අනුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටවූ බවයි.

කෙසේවෙතත් අයවැයෙන් පොරොන්දු වූ පරිදි ලබන ජනවාරි 20 වනදා ගුරු විදුහල්පති වැටුප ලබාදෙනවාද යන්න පිළිබද ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විමසිල්ලෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

(Neth)