ගුවන් මගීන් සඳහා කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු PCR පරීක්ෂණාගාරයේ තාක්ෂණික කටයුතු සකසා අවසන්වීමටත් පෙර එය විවෘත කර ඇති බවට නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වනවා.
Delta variant with the spike protein mutations A701S, A222V, and A1078S detected in Sri Lanka has been assigned a unique lineage, AY.28
වයස අවුරුදු 12 - 19 අතර දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදීම සහ පාසල් විවෘත කිරීම යනු එකිනෙකින් ස්වායක්ත කරුණු දෙකක් බවත් පාසල් විවෘත කිරීමට පෙර සිසුන්ට එන්නත් ලබාදිය යුතු බවට ස්ථාවරයක් නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සිය වැටුප් ගැටළුව විසදීමට මෙම අවස්ථාවේ රජය සතුව මුදල් නොමැති බවට වගකිවයුත්තන් කිසිවෙකුත් මෙතෙක් තමන් වෙත ප්‍රකාශ කර නොමැති බව වර්ජනයේ නිරත ගුරු විදුහල්පති සංගම් පවසනවා.
නිදහස් කර ගැනීමට නොහැකිව වරායේ රදවා ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කර ගැනීමට මහ බැංකුව කඩිනමින් මැදිහත් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඊයේ (26) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1078ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කොරෝනා මර්දන එන්නතක කුමන හෝ මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් පළමු සතිය තුළ පමණක් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වළකින්නැයි ජාතික රුධිර පාරවිලයන සේවය පවසනවා.
Page 360 of 749