Sunday, October 18, 2026
Follow Us
සිරිල් ගාමිණි පියතුමා CIDයට

ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂකගෙන් පැමිණිල්ලක්


ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

අද(15) උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුව ඔහු මෙසේ පැමිණ තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ ප්‍රකාශය ලබාගැනීමට නියමිත අතර පසුගිය මාසයේ දී එම පැමිණිල්ල ඔහු විසින් ඉදිරිපත් කර තිබුණි

(Aruna)