විදුලිය ලැබෙයිද? නොලැබෙයිද? යන ප්‍රශ්නයකින් ජනතාවට දිනපතා කාලය ගත කිරීමට සිදුව ඇති පසුබිමක ප්‍රමාණයටත් වඩා වැඩි වෝල්ටීයතාවයකින් විදුලිය ලැබීම හේතුවෙන් නිවාස රැසක විදුලි උපකරණවලට හානි වූ පුවතක් නෙත් නිවුස් අපට වාර්තා වුණා. ඒ, රාගම පේරලන්ද ප්‍රදේශයේ.
කෙවරලපිටිය වෙස්ට් කෝස්ට් විදුලි බලාගාරයේ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ (12) රාත්‍රියේ සිට අක්‍රිය වී තිබෙන අතර එය මේ වනතෙක් ජාතික පද්ධතියට නැවතත් එකතු කිරීමට නොහැකි වී තිබේ.
අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබියදී සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය 06 වන දිනටත් දීප ව්‍යාප්තව ක්‍රියාත්මකයි.
දුරගමන් සේවා දුම්රිය සඳහා කලින් ආසන වෙන්කිරීමේ කටයුතු අවිධිමත්ව වීම හේතුවෙන් මගියකුට එක් ආසනයක් වෙන් කරගැනීමට බොහෝ කාලයක් ගතවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කර සිටියි.
හෙද, පරිපූරක, අතුරුවෛද්‍ය ඇතුළු සෞඛ්‍ය සේවයට සම්බන්ධ වෘත්තිකයන්ගේ වැටුප් සහ අතිකාල ඇතුළු වෙනත් දීමනා සම්බන්ධයෙන් තොරතුරු පුවත්පත් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඊට ප්‍රතිචාර දැක්වීය.
තිරිගු පිටි හිගය දිගු කාලයක් පැවතිය හොත් උත්සව සමයේදී ආහාර රැසක මිල සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මකයි. අධිකරණය ලබා දුන් වාරණ නියෝගයට ගරු කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඊයේ පස්වරුවේ එම වර්ජනයෙන් ඉවත් වීමට තීරණය කළා.
Page 292 of 749