Sunday, March 08, 2026
Follow Us
අප්‍රේල් 14 දක්වා වැසි තත්ත්වයක්

දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදේ පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද උදෑසන දිවයිනේ ඇතැම් ස්ථානවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද පස්වරුවේ ද දිවයින පුරා වැසි ඇතිවිය හැකි බව හා එම වැසි තත්ත්වය ලබන 14 වනදා දක්වා අපේක්ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළා.

(Neth)