Monday, March 09, 2026
Follow Us
රඹුක්කන සිද්ධිය ගැන නව තොරතුරක්

22 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විමර්ශනයේ


රඹුක්කන සිද්ධියට අදාළව මේ වනවිට ප්‍රකාශ 20 කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් 22 දෙනෙකුගෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විමර්ශනය කරන බවයි.

එසේම විවිධ ලේඛන 10ක් නඩු භාණ්ඩ ලෙස ඔවුන් භාරයට ගෙන ඇති බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

(Aruna)