Monday, March 09, 2026
Follow Us
පාසල් සිසුවියන් දෙදෙනෙක් දුම්රියේ ගැටෙයි

රටක් කම්පා කල සිදුවූ අනතුර


පාසල් සිසුවියන් දෙදෙනෙක් දුම්රියක ගැටී විසිවී ගොස් අද (30) පෙරවරුවේ අනතුරක් සිදුවී තිබුණි.

ඒ අම්බලන්ගොඩ කුලරත්න පාලම ප්‍රදේශයේදීය.

අනතුරෙන් තුවාල ලැබූ එක් සිසුවියක් බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණි.

අනෙක් සිසුවියට සුළු තුවාල සිදුවී ඇති බවද වාර්තා විය.

සිසුවියන් දෙදෙනා අද පෙරවරුවේ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී දුම්රියක් පැමිණෙන බවට නිරීක්ෂණය වීමෙන් මාර්ගයෙන් පිටතට යාමේදී දුම්රියේ ගැටී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ 17 හැවිරිදි මෙම සිසුවියන් දෙදෙනා අද උදෑසන උපකාරක පංතියකට සහභාගිවීම සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවය.

(Aruna)