සාමාන්‍ය ජනතාව දින ගණන් පෝලීම්වල රැදී සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට අයත් නාරාහේන්පිට පිරවුම්හලෙන් ඉන්ධන ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී සිටි පිරිස් වෙත පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම මන්දගාමී බවට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය චෝදනා කරනවා.
එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් මුළුමහත් රට එක්සේසත් කර රණවිරුවන් අත්කර ගත් යුද ජයග්‍රහණයට අදට වසර 13 ක් සපිරෙනවා.
තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල යළිත් රුපියල් 35කින් ඉහළ දැමීමට මෙරටට තිරිඟු පිටි ආනයනය කරන සමාගමක් කටයුතු කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඊයේ දින ඩීසල් නෞකාවක් පැමිණීම නිසා මේ වන විට දිවයින පුරා ඩීසල් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (16) දිනයේදී ජාතිය අමතා ප්‍රකාශ කර සිටියේ ජලභීතිකා රෝගය වෙනුවෙන් ඖෂධ තව දුරටත් සෞඛ්‍ය අංශය සතුව නොමැති බවයි. එමෙන් ම ඒ වෙනුවෙන් කිසිදු විකල්පයක්ද මේ වන විට සෞඛ්‍ය අංශය සතුව නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අද දිනයේ ධාවනය කළ හැකි වන්නේ පුද්ගලික බස් රථවලින් සියයට පනහක් පමණ බව පුද්ගලික බස් සංගම් පවසනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඇතැම් දුර බැහැර ප්‍රදේශවලට ඩීසල් නොලැබීම එම තත්ත්වයට හේතු වී ඇති බවයි.
Page 250 of 742